(රෝෂන් තුෂාර)

දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නාමල් රාජපක්ෂ මහතාගේ දේපළ සන්තකයේ තබා ගත්තේ යැයි සැකයට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඔහුගේ පුද්ගලික ලේකම් සංජය විෂ්ණු රවින්ද්‍ර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද රැගෙන එන ලදි

නාමල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයාගේ නිවස පසුගිය 16 සිකුරාදා රාත්‍රියේ පැය පහකට ආසන්න කාලයක් සෝදිසියට ලක් කිරීමෙන් අනතුරුව නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ආරක්ෂිත සේප්පුවක් අත්අඩංගුවට ගැනීමට අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කටයුතු කර තිබිණි.

ඒ ඔස්සේ විමර්ශන කිරීමෙන් අනතුරුව රාජපක්ෂ මහතාගේ දේපළ සන්තකයේ තබා ගත්තේ යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

පසුගිය සිකුරාදා අල්ලස් කොමිසම නිවසට ගිය අවස්ථාවේදී නිවසට ඇතුළු වීම ඇති අවකාශ නිවැසියන් විසින් අවහිර කිරීමෙන් පසුව ගල්කිස්ස පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ජනෙල් බිඳ හා වහලෙන් බැස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැවසේ.

ඒ අනුව පුද්ගලික ලේකම්වරයාගේ නිවස සිකුරාදා (16) රාත්‍රියේ දහයේ සිට පෙරවරු 4.00 දක්වා සිදු කළ පරීක්ෂණයකින් හා නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව මෙම සෙප්පුව අත්අඩංගුවට ගෙන ඇත.