(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

උද්ධමන චලනයන් කෙටි කලකදී පාලනය කරන්නට හැකි වේවි යැයි සිතන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

"තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම පිළිබඳව පක්ෂයේ මන්ත්‍රීවරු කරුණු ගණනාවක් ඉදිරිපත් කළා.2026 අගෝස්තු මාසයේදී ලක්ෂමය උද්ධමනය සියයට 8 ක මට්ටමට පැමිණ තිබෙන බව අප පිළිගන්නවා.හාල් ,සීනි ,පරිප්පු, අල, ලූනු ආදී භාණ්ඩ වල මිල අඩුවී තිබෙනවා.සමස්තයක් ලෙස අප රටේ උද්ධමනය වැඩිවී තිබෙන්නේ ඇයිදැයි කල්පනා කළ යුතුයි.එසේ වූ විට වගකිවයුතු ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි අප විමසා බලනවා.උද්ධමනය වැඩි වෙලා තිබේද? නැද්ද? යන්න හරියට සලකා බැලිය යුත්තේ වාර්ෂිකවයි.අගෝස්තු ,සැප්තැම්බර් මාස වල ලක්ෂමය උද්ධමන චලනයන් කෙටි කලකදී පාලනය කරන්නට හැකි වේවි යැයි අප සිතනවා.අපේ කාර්යභාරය වන්නේ ජනතාවගේ ජන ජීවිතයට බලපාන භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමකදී ජනතාවට සහනදී රැක බලා ගත යුතු ජන කණ්ඩායම් රැකබලා ගැනීමයි.මැද පෙරදිග යුද්ධයක් ඇතිවී ඉන්ධන මිල ඉහළ යාම මගින් මේ මොහොතේ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.