(ජයරත්න වික්‍රමාරච්චි)

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරමට ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී මගී බස්රථයක් සාලියවැව පලුගස්සේගම ප්‍රදේශයේ දි අද සවස 6.00පමණ මාර්ගයෙන් ඉවතට පැන අධිබල විදුලිය රැහැන් කණුවක ගැටි පෙරළීමෙන් කතක ඇතුළු දෙදෙනකු මියගොස් මගීන් 15 දෙනකු තුවාල ලබා ඇතැයි සාලියවැව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් ගත් කාන්තවක සහ යතුරු පැදියක ගමන් ගත් අයකු බව පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව තුවාලකරුවන් රෝහල් ගතකර ඇති අතර බස් රථය තුළ තවත් තුවාලකරුවන් ඇද්දැයි සෙවීමේ කටයුතු පැවැති අඳුරන නිසා බාධා එල්ලවී තිබිණි.

බස් රථය ගැටී අධි බලැති විදුලි කණුවට හානි වනවත් සමග ප්‍රදේශයේ විදුලිය විසංධි වී ඇත.