
(බි.ජානක,එච්.එම් ධර්මපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලක්ෂ දෙසිය හතලිහක් නිවසකින් හොරකම් කළ අයකු පැය විසිහතරක් යන්නට පෙර දෙහිවල ඕබන් පෙදෙසින් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය පවසයි.
ගල්කිස්ස පිරිස් පාර ප්‍රදේශයේ නිවසකට පැන රත්තරන් පවුන් හතළිහක් හා මුදලින් ලක්ෂ සීයක මුදලක් හොරකම් කළ සැකකරු ආරක්ෂක දර්ශන හා දුරකථන විශ්ලේෂණ ඔස්සේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සොරා ගත් මුදලින් ලක්ෂ දහ අටක වටිනා යතුරුපැදියක් හා සවුඩ් යන්ත්‍රයක් , දුරකථන මිලදී ගෙන ඇති බවත් එම භාණ්ඩ පොලිසිය විසින් සොයා ගත් බව පොලිසිය කියයි.
සැකකරු මීට පෙරද ගෙවල් බිඳම්,ත්‍රි රෝද රථ සොරකම් කර අධිකරණයෙන් ඇප ලැබී පැමිණි අයකු බව පොලිසිය කියයි.
පැය විසි හතරක් යාමට පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd