
(අංජුල මහික වීරරත්න)
සුදෝ සුදු මතකයක් ලාංකේය ජන මනසේ සදා සිත්තම් කරලූ අග්‍රගණ්‍ය ගායන වේදනී නන්දා මාලිනිය ඉතාමත් දුක්බර ගීතයක් සේ අද (22)සන්ධ්‍යාවේ මැකී වියැකී ගියාය.
දෙනෝ දහසක් රසික දනන්ගේ දුක් සුසුම් මැද නාවල විජයබා මාවත නිවසේ සිට රිය පෙරහරකින් බොරැල්ල කනත්ත ආදාහනාගාරය වෙත රැගෙන ආ ඇගේ නිසල දේහය දුම්රොටු හා මුසුව පාණ්ඩු පාට අහසට මුසුව ගියේ දශක හතක් පුරා ඈ ලක් දෙරණේ වැපිරූ මහාර්ග කලා අස්වැන්න මතු පරපුරේ ඥාන ප්‍රබෝධය උදෙසා ඉතිරි කරමිනි.
බඩ ගින්දරේ දුක් විඳින ජනතාව ගැන නිරන්තරයෙන් තෙත් වූ දෑසින් යුතුව ගී ගැයූ මාලිනිය වෙනුවෙන් හෘදයාංගම කඳුලක් නොනැගුණු නෙතක් නොමැති තරමට බොරැල්ල කනත්තට රැස්වූ ජනතාවෝ ශෝකයෙන් පීඩා වින්දාහ.
අවමගුල් උත්සවයේ ගුණ කථන එපා යැයි නන්දා මාලිනිය අන්තිම කැමැත්තේ සඳහන් කළද ඈ පිළිබඳව හදවතින් ගලා ආ ගුණකථනය ගොළුකරගෙන හිඳින්නට ජනතාවට හැකි වූයේ නැත.
නන්දා මාලිනිය යනු කටහඬක් පමණක් නොව කරුණා ගුණ කදම්බයක් බවත් ඇගෙන් හිස්වන තැන සදා රික්තකයක් පමණක් බවත් ජනතා තුඩක රැව් දුන් එකම සෝ සුසුම විය. කොළඹ අහසේ අඳුරු වැලපුම් වර්ෂා මධ්‍යයේ ඈ නික්ම ගියාය.ගීතයෙන් ලංකා මාතාව නැලැවූ අම්මා නික්ම ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd