
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය කියන මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ආණ්ඩුවෙන් දෙකෝටි පනස් ලක්ෂය බැගින් ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.
පසුගියදා කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවක සුළු හෝ මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් සඳහා භාණ්ඩාගාරය මගින් ණය මුදලක් ලබා දෙන්න තීරණය කළා.ගොවීන්ට සාධාරණයක් වන පරිදි රජය ප්‍රකාශ කර තිබෙන මුදලට වී මිලදී ගැනීම සඳහා එම ණය මුදල ලබාදෙනවා.සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විශාල පිරිසකගේ බැංකු වලට ණය තිබෙනවා.ඒ නිසා බැංකු වලින් ඒ අයට ණය නොදෙන තත්ත්වයක් තිබෙනවා.ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී ,අලෙව් මණ්ඩලයෙන් පමණක් සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට අපට හැකියාවක් නැහැ.ඒ හැකියාව මීට වඩා වැඩි කිරීමේ වැඩපිළිවෙළක අප යෙදී සිටිනවා.ඒ වැඩපිළිවෙල අපට ඉදිරියට ගෙනයන්න සිදුවන්නේ ටිකෙන් ටිකයි.වී අලෙවි මණ්ඩලයේ ප්‍රමිති ගත නාඩු වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගන්නවා.සම්බා රුපියල් 130 කටත්,කීරි සම්බා රුපියල් 140කටත් මිලදී ගන්නවා යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd