(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යන කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 750ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද (21) අනුමත කෙරිණ.
ඇස්තමේන්තුව පිළිබඳ විවාදය අද (21) පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘති වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල්කෝටි 750 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරිණ.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා ඇස්තමේන්තුව විවාදය සඳහා ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd