(රෝෂන් තුෂාර)

22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බවට ප්‍රකාශ  කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව එම සංගමයේ ලේකම් නීතිඥ නලින් ද සිල්වා මහතා පැවසීය.

අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික විසින් මීට පෙර පෙත්සමක් ඉදිරිපත් කළ බවත් , නව පෙත්සම සගමයේ සභාපතිවරයා හා තමන් විසින් ඉදිරිපත් කරන බවත් සිල්වා මහතා පැවසීය. 
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පළමු පෙත්සම පවරන අවස්ථාවේදී සභාපතිවරයා ශ්‍රී ලංකාවේ නොසිටි බැවින් භණ්ඩාගාරික විසින් එම පෙත්සම පැවරූ බවත් පැවසීය.