
(උපාලි ආනන්ද)
අනුරාධපුර රුවන්වැලිසෑය දන්සැල් කලාප පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයට තවත් පිරිසක් සමග කඩා වැදී කලහාකාරී ලෙස හැසිරුණු ශාසනයෙත් නෙරපනු ලැබ සිටින රාජාංගනේ සද්ධාරතන නැමති සිවුරක් දරා ගත් පුද්ගලයාට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටින බලංගොඩ කස්සප ඇතුළු හික්ෂූන් වහන්සේලා පස් නමට ඇප ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට නඩුව කැදවන ලෙස නීතිඤ කාලිංග රවින්ද්‍ර මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.
දැනට රිමාන්ඩ් ගත කර සිටින බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා සැකකරුවන් ඇප ලබා ගැනීම සඳහා නඩුව යළි කැඳවන්නැයි මෝසමක් මගින් ඉල්ලා සිටියේය.
ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා සැකකාර භික්ෂූන් වහන්සේලා ප්‍රතිකාර ලබමින් සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් උන් වහන්සේලා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම 26 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරනු ලැබ සිටිති.
මෙම භික්ෂූන් වහන්සේලාට අමතරව කාන්තාවක ඇතුළු ගිහියන් තිදෙනෙක් ද රිමාන්ඩ් ගත කරනු ලැබ සිටිති.
සැකකරුවන් වෙනුවෙන් කළ ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.
.අනුරාධපුර පොලිස් අධිකාරි චානක අබේසිරිගුණවර්ධන මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රූක්මල් රත්නායක උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන සහ සැරයන් 47818 එචි.එමි.ඩබ්.කේ. ඉලංගසින්හ යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මීට පෙර කරුණු දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd