ගම්පහ, මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත  කැටවල හේමාලෝක නා හිමියෝ අද (23) පස්වරුවේ අපවත් වූහ.

​කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ සුවය ලබමින් සිටියදී යළිත් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික  රෝහලකට ඇතුළත්  කර ඇති අතර, එහිදී අපවත් වී ඇත.

​විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස මෙරට බෞද්ධ ජනතාව අතර මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ  කැටවල හේමාලෝක නාහිමියෝ රට, දැය සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළහ. උන්වහන්සේගේ අපවත්වීම ශාසනයට මෙන්ම බෞද්ධ ජනතාවට ද පිරිමැසිය නොහැකි පාඩුවකි.

​අපවත් වී වදාළ කැටවල හේමාලෝක නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙන බව සඳහන් වේ.