(සුජිත් හේවාජුලිගේ)

පොදු මගී ප්‍රවහන බස් රථ සඳහා කාඩ් පත් මගින් ගෙවීම්   කිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 6 දී  ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා   සඳහන් කළේ, මගීන්ගේ ඉතිරි මුදල් නැවත නොලැබෙන බවට ලැබෙන පැමිණිලි ඉහළ යාම සැලකිල්ලට ගෙන එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

එහි නියමු ව්‍යාපෘතිය   සිදුකර අවසන් බවද  ඔහු ප්‍රකාශ කළේ ය.