
(බී.ජී. චතුරංග)
අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී ඉකුත් 10 වැනි දින සිදුවූ බිහිසුණු බස් රථ අනතුරින් බරපතළ තුවාල ලබා, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හතරක දැරියක ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පදවිය, විදුලිබල මණ්ඩල පාරේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිලාගේ විනුති රුහංසා හෙට්ටිආරච්චි නම් සිව් හැවිරිදි දැරියකි.
මෙම මාරක රිය අනතුර සිදුවූ දිනයේම එම දියණියගේ මව වන හෙට්ටිආරච්චිලාගේ හසන්ති සෙව්වන්දී මහත්මිය ද ජීවිතක්ෂයට පත්වූ අතර, සිය මෑණියන්ගේ සත්දින පිංකම පැවතිදා , අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්විය.
මෙම අනතුරින්, ඔවුන් ගමන් කළ බස් රථයේ රියදුරා වන කැබිතිගොල්ලෑව ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි ලංකා ජයනාත් නැමති අයද ජීවිතක්ෂයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd