IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඉන්ධන බවුසර් උස්සපු අය නිදහස් කරන සූදානමක්

(යොහාන් භාසුර)

මෙරට ආර්ථික අර්බුදයකට පත්ව තිබූ 2022 සහ 2023 වසරවලදී ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් අස්ථානගතවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවත් එම ඉන්ධන බවුසර් අස්ථානගතවීම සහ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් නිදහස් කිරීමේ සූදානම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ පැමිණිල්ලක් කළේය.  

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ මෙම පැමිණිල්ල කළේය.  

ඉන්ධන බවුසර් අස්ථානගතකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් වර්තමාන ආණ්ඩුව යටතේ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උසස් තනතුරු දරන බවත් එම වරදකරුවන් නිදහස් කිරීමට අංක 258 කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව රුපියල් ලක්‍ෂ 86 ක් වැයකර කළ වෝහාරික විගණනයක් කිරීමෙන් ඵලක් නොමැති බව කී දයාසිරි ජයසේකර මහතා ‘මාලිමා’ ආණ්ඩුව තුළ දූෂිතයන් චරිත බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.



අදහස් (8)

ඉන්ධන බවුසර් උස්සපු අය නිදහස් කරන සූදානමක්

Liya Friday, 18 July 2025 06:33 PM

මෙයා කියන ඒවා මෙයා දන්නෙත් නෑ.

:       46       17

Nel Saturday, 19 July 2025 06:48 AM

Liya කියන්නේ දයාසිරි ජයසේකර බොරුවක් කියනවා කියලාද? එහෙම නම් ඒ බව ඔප්පු කරන්න. මොකද කතාවේ කොටසක් හරි ඇත්ත නම් ඒක ගැන දැනගන්න රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ඒ වගේම හොර වැඩ නතර කරන්න ආපු අය හොර වැඩ දිගටම කරගෙන යන්න බෑ...

:       1       15

යෝගා Friday, 18 July 2025 07:23 PM

ඔය අය මාලිමා වෙස්මූණ දාගත්ත හොර, දූෂිත, අවස්ථාවාදී ජෙප්පෝ. රටේ සාපය. සත්‍ය හෙලිවෙන දවසක ඔය වසංගතය අවසන් වෙයි...

:       17       50

Perakum Liyanagama Friday, 18 July 2025 08:47 PM

උනුත් එකයි මුනුත් එකයි - හැමදාමත් අපි තැලෙනවා.

:       6       43

Chathuri Friday, 18 July 2025 08:52 PM

කලින් ගොබ්බ හිටපු නායකයෝ නිතිවිරෝධී මිනීමරුවෝ නිදහස් කෙරුවා ඒ වෙලාවේ. කටවහගන හිටියේ ඔවුන්ට බයේ කතා කරන්න කොන්දක් තිබුණත් පණනැති නිසා. දැන් මාලිමාවත් එක්ක හැප්පෙන්න. හරි කැමැතියි. දන්නවා. සුදු වෑන් නැහැ. අඩි අටේ සැතපෙන්නේ නැහැ කියලා. නමුත් කූරු ගණන් කරන්න අරිනවා. ඒක තමයි. මාලිමාවේ හොඳ නුවන කියන්නේ. කාලාවරෙන් කියලා. ඔබලාට හැමදාම ඔය විදියට අඬ අඬා ඉන්න තමයි වෙන්නේ. සජිත්ව මාරු කරන්න යනවා. ඡන්ද පරදිනවා කියලා.... සජිත්ගේ අතේ වරදක් නැහැ කව්රු ආවත්... ජනතාව හොඳ හැන්දෙන් බෙදලා... ගෙදර අරිනවා.

:       9       7

Perera Saturday, 19 July 2025 09:04 AM

ගැරඬින්ට භූමිතෙල් සැරටම වැදිලා වගේ...

:       3       5

යෝගා ඩෝබි Saturday, 19 July 2025 09:56 AM

මෙයා දැන් මෙහෙම කීවාට, තව ටික දවසකින් කියයිද දන්නෑ, මට ලැබුණේ වැරැදි තොරතුරක් කියලා. අපි දැන් මෙයාගේ වොයිස්කට් එකට වොයිස් එකේ කෙටුවාට, රිවස් නන්දසේන වෙච්චි දවසට, අපිට දැනට ඉතුරුවෙලා තියෙන පැණි අමුඩෙත් නැතිව තමයි ඉන්න වෙන්නේ...

:       8       6

ගුණරත්න Saturday, 19 July 2025 01:14 PM

මාලිමාවට ඡන්දය දුන්නු අයට පුදුමත් ඇති, හැබැයි අපට නම් පුදුමයක් නැහැ මොකද ඔය වංචා කරපු අය ඔය ආයතන අරක්ගෙන ඉන්න වෘත්තීය සමිති වල ප්‍රධානීන් ඒ වගේම වෘත්තීය සමිතිවල ප්‍රධානීන් තමයි දැන් ආණ්ඩුවේ ලොකු ලොක්කෝ... ඉතින් තමන්ගේ එකෙක් හොරකමක් කරාම මොවුන් ඒක බේරලා දානවා....

:       8       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1317 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site