
කොළඹ පාතාලය බස්නාහිර පළාත සහ තදාසන්න වෙනත් පළාත්වල නීතිගරුක පුරවැසියන්ගේ ජීවිත උඩුයටිකුරු කිරීමට බලපෑ ආකාරය පසුගිය ලිපි ගණනාවක් හරහා පාඨක ඔබට සමීප කළෙමු කෙසේ වෙතත් ඊට සමාන්තරව දකුණේ පාතාලය ද යම් මට්ටමකින් ක්‍රියාත්මක වූ නමුත්, පාඨකයාට නිරවුල්ව කරුණු ඉදිරිපත් කළ යුතු නිසා එහිදී ඒ පිළිබඳ සටහන් තැබීමෙන් විතැන්වීමු. එහෙයින් මේ වෑයම දකුණේ පාතාලය ගැන තතු සටහන් කරන්නටය.
දකුණේ සංවිධානාත්මක පාතාලයක් ඇරඹුණේ 2000 දශකයේ මුල්භාගයේ පමණය. ඒ රත්නවීර සහෝදරයන්ගේ අපරාධ කල්ලිය හා අජිත් වසන්ත හෙවත් වම්බොට්ටාගේ අපරාධ කල්ලිය ලෙසිනි. කෙසේ නමුත් රත්නවීර කල්ලිය මුල්පෙළේ නායකයන් ඝාතනය කර දකුණු පාතාලයේ බලය තමන් වෙත නතු කරගත් සමාරම්භකයා ලෙස “වම්බොට්ටා” හැඳින්විය හැක.
රත්නවීර කල්ලිය යනු සූරියවැව, බෙලිඅත්ත හා වීරකැටිය ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන තිරශ්චීන ලෙස මිනිසුන් අමු අමුවේ ඝාතනය කර ඔවුන්ගේ දේපොළ කොල්ලකමින්, අසරණ ගැමියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් හා කප්පම් ගනිමින් ක්‍රියාත්මක වූ පාතාල කල්ලියක් බව පොලිස් වාර්තාවල ද සඳහන් වන්නකි. ඔවුන්ගේ අපරාධ කෙතෙක් සාහසිකය වූයේද යත් ඔවුන්ට එරෙහිව කිසිවකුට වචනයක් හෝ ප්‍රකාශ කිරීම තහනම් වූ අතර, එලෙස පොලිසියට හෝ වෙනත් බලධාරියකුට හෝ පැමිණිල්ලක් කළේ නම් ඔවුන්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුව තිබුණි. එසේම ඔවුන් විවිධ ව්‍යාපාර සඳහාද පිවිසි අතර, එතෙක් එම ව්‍යාපාර සිදුකළ පුද්ගලයන්ට සිය ව්‍යාපාර අතහැර දමන ලෙස සෘජුව අණකර එම ව්‍යාපාර වසා දම්මන තත්ත්වයට ඔවුහු අධිකාරකවාදී මනෝභාවකින් පසුවූහ. මෙලෙස ව්‍යාපාර වසා දැමීමට කිසියම් අයෙක් අකමැත්ත ප්‍රකාශ කළේ නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා හය රියනකින් වන්දි ගෙවන්නට සිදුවිය.
මේ අතර සූරියවැව පොළේ වම්බටු වෙෙළදාම් කළ සිය පියාට සහායවෙමින් වම්බටු වෙළෙඳාම් කළ අජිත් වසන්ත නම් පාසල් සිසුවකු සිටි අතර, එම වෙළෙඳාම නිසාම ඔහුට පාසල් මිතුරන් වම්බොට්ටා යන නම පටබඳිණු ලැබුණි. 9 ශ්‍රේණියෙන් පමණ පසු සිය අධ්‍යාපන දිවියට ආයුබෝවන් කී වම්බොට්ටා විසින් දිගටම වම්බටු වෙෙළඳාම කරගෙන ගියේය. පසුව යුද හමුදාවට බැඳුණු ඔහු කෙටි කලකින් ඉන් ඉවත් වී ඇතිබව ද කියැවේ.
ඉන් පසුව විවාහ දිවියට එළඹි වම්බොට්ටා සුරියවැව ප්‍රදේශයෙන් මුංඇට එකතුකර ගෙන කොළඹට රැගෙනවිත් විකිණීමේ ව්‍යාපාරයක් ද අරඹා තිබුණි. මුංඇට සමගම කොළඹට ගංජා රැගෙන ඒමද ඔහු විසින් සිදුකර තිබීම නිසාම ඔහු ව්‍යාපාරිකයකු ලෙස සාර්ථක වන්නට විය. මේ නිසාම මුංඇට හා ගංජා ප්‍රවාහනය සඳහා වෑන් රථයක් ද මිලදී ගන්නා ලදුව, පසුව නවීන මෝටර් රථයක් ද මිලදී ගනු ලැබීය.
වම්බොට්ටා ගේ මෙම දියුණුව රත්නවීර පවුලට එතරම් දිෙරව්වේ නැත. ඒ නිසාම “උඹේ කාර් එක විකුණපන්.නැත්නම් උඹට ඉන්න දෙන්නෙ නෑ” යනුවෙන් රත්නවීරලා ගේ කැලෑ උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් වම්බොට්ටාට පමුණුවනු ලැබුණි. නමුත් වම්බොට්ටා එම නියෝගය නොසලකා හැරි නිසාම යළිත් රත්නවීරලාගේ නිවසට එන ලෙස ඔහුට කැඳවීමක් ලැබ තිබුණි. ඒ අනුව වම්බොට්ටා රත්නවීරලාගේ දෙපා මුලට යන්නේ එසේ නොගියහොත් තමන්ට විපතක් වීමේ ඉඩක් ඇති බව සහසුද්දෙන්ම දන්නා නිසාය.
රත්නවීර නිවසට යන වම්බොට්ටා දරුණු වදහිංසාවලට සහ තර්ජනය කිරීම්වලට ලක්වන්නට සිදුවන අතර, මෝටර් රථය නොවිකුණන්නේ නම් අනිවාර්යයෙන් ඝාතනය කරන බවට ද තර්ජනය කර තිබුණි.
රත්නවීර ගේ නිවසින් එන වම්බොට්ටා රත්නවීරලා ගේ ප්‍රධානතම එදිරිවාදියා වන්නේ ඒ අනුවය. රත්නවීරලා ගෙන් පීඩාවට පත් පවුල්වල තරුණයන් ඒකාරාශී කරමින් කල්ලියක් බිහිකරගන්නා වම්බොට්ටා මුලින්ම රත්නවීර පවුලේ වැඩිමලාට මාරාන්තික තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කරනු ලබන අතර, ඉන් ඔහු සදාකාලික ආබාධිතයකු වෙමින් යාන්තමින් දිවි ගලවාගන්නට සමත් වූවත් - ඉන් රත්නවීරලා ගේ අභිමානය සහමුලින්ම විනාශ වී තිබුණි.
රත්නවීර නිවසට යන වම්බොට්ටාට දරුණු වදහිංසාවලට සහ තර්ජනය කිරීම්වලට ලක්වන්නට සිදුවන අතර, මෝටර් රථය නොවිකුණන්නේ නම් අනිවාරයෙන් ඝාතනය කරන බවට ද තර්ජනය කර තිබුණි.
මේ අතර දකුණේ ප්‍රකට දේශපාලන චරිතයක් වූ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. රංජිත් හෙවත් චණ්ඩිමල්ලි සමග වම්බොට්ටා සමීප වන්නේ ඔහුද රත්නවීරලා සමග බද්ධ වෛරයෙන් පසුවන අයකුවීම නිසාය. මේ සමීපවීම තුළ වම්බොට්ටාට ආරක්ෂාව සහ විවිධ පහසුකම් චණ්ඩි මල්ලිගෙන් ලැබී ඇති බව ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබුණි. මෙවන් පසුබිමක කොළඹ කොටුව අධිආරක්ෂිත කලාපයේ දී චණ්ඩිමල්ලි ඝාතනය කෙරෙන්නේ නීතිවිරෝධී ගිනි අවියක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියට සෑම මසකම අවසන් ඉරුදින සී.අයි.ඩී. හි අත්සන් කළ යුතුය යන අධිකරණ නියෝගයට අනුව එහි ගොස් අත්සන් තබා යළි පිටවී යාමට උත්සාහ දරන අතරේය.
මෙම සිද්ධියට චණ්ඩි මල්ලිගේ ප්‍රධාන එදිරිවාදියා වන රත්නවීර පාර්ශ්වයට චෝදනා එල්ලවන අතර, රත්නවීරලාට එරෙහි තීරණාත්මක ප්‍රහාරය එල්ල කිරීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව වම්බොට්ටා රත්නවීර කල්ලියේ නායකයා වූ සුනිල් රත්නවීර චණ්ඩි මල්ලිගේ නඩුවට බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙනවිත් යළි බන්ධනාගාරයට රැගෙන එන අතර බන්ධනාගාර බසයට වෙඩිතබන අතර, එහි දී රත්නවීරව ඝාතනය විය.
රත්නවීරගේ වෙඩි වැදුණු සිරුර තමන්ගේ වාහනයට දමාගත් මේ පිරිස සූරියවැව හන්දියට ගොස් අතහැර දමා “ඔන්න් අපි රත්නවීරව ඉවරකළා.” යැයි කෑගසා පිටත්ව ගිය බවද සඳහන්ය.
මෙම සිද්ධියෙන් පසු රත්නවීර කල්ලියේ තවත් ප්‍රබලයකු වම්බොට්ටාගේ කල්ලිය විසින් ඝාතනය කරනු ලබන අතර, ඔහුගේ දේහය පැවති නිවසට අලුයම් කාලයේ කඩාවැදී දේහයට දිගට හරහට සිදුකළ වෙඩි තැබීමෙන් එහි සිටි සිව්දෙනකුද ඝාතනය විය. මෙම සිද්ධියට මෙන්ම තවත් සිද්ධි කීපයකටම වම්බොට්ටා අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටියත් යළිත් ඝාතන සිදුකිරීමට බියක් නොදැක්වීය.
ඉන්පසුව ද රත්නවීර කල්ලියේ සාමාජිකයන් රැසක් වම්බොට්ටාගේ මෙහෙයවීම යටතේ ඝාතනය වන අතර, දකුණේ පාතාලයේ බලය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට වම්බොට්ටා සමත්විය.එසේම මේ වනවිට ඔහුට ඇතැම් දේශපාලනඥයන්ගේ නොමඳ ආශිර්වාදය හිමිවූ අතර, දකුණින් බිහිවූ රටේ ප්‍රබලම දේශපාලනඥයකුගේ ඇසුර ද ඔහුට ලැබී තිබුණි. මේ නිසා ඔහු පොලිසියට හෝ කිසිදු අපරාධ කල්ලියකට බිය නොවී සිය පළිගැනීම් සිදුකිරීමට මැළි නොවීය.
කෙසේ නමුත් රත්නවීර කල්ලියෙන් ගැලවුණු ප්‍රදේශයේ ජනතාවට සැනසුම් සුසුම් හෙළීමට සිදුවන්නේ සුළුකාලයක් පමණි. රත්නවීරලාගේ කප්පම්, කොල්ලකෑම්, පැහැරගැනීම් වම්බොට්ටාගේ කල්ලියෙන්ද සිදුවීම ඇරඹෙන අතර - එතෙක් ජනතාවගේ ආශිර්වාදය ලැබුණු වම්බොට්ටාට ජනතාව අතර දැඩි අප්‍රසාදයක් නිර්මාණය විය. විශේෂයෙන් ඔහු නොදැනුවත්ව ඔහුගේ ගෝලයන් විසින් කප්පම් ගැනීම් හා කොල්ලකෑම් රැසක් සිදුකර තිබුණු අතර, සමහර අවස්ථාවල සිය සාමාජිකයාව අල්ලා පොලිසියට බාරදීමට ඔහුම කටයුතු කර තිබුණි. ආමි සුරංග, සීසර් කපිල, අම්බලන්ගොඩ උපුල්, උස කළුවා වැන්නෝ සිය නම විකුණා කප්පම් ගෙන ඇති බව වටහා ගන්නා වම්බොට්ටා ඉන් ඇතමකු නීතියේ රැහැනට හසුකර දෙන අතර, සිය කණ්ඩායමෙන් පලවා හැරීමටද කටයුතු කර තිබුණි.
කෙසේ නමුත් වම්බොට්ටාට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් පොලිසි වෙත පැමිණිලි ගලාඑන්නට වූ අතර, එවක පොලිස්පති සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ද පැමිණිලි ලැබී තිබුණි. ඒ අනුව එම ඒකකය භාර පොලිස් පරීක්ෂක චන්දන කොඩිතුවක්කු විසින් (චන්දන කොඩිතුවක්කු මේවනවිට මධ්‍යම අපාරාධ විමර්ශන කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබයි.) වම්බොට්ටා ගැවසෙන තැන් සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳ තොරතුරු රැස්කරන්නට වූ අතර, ඔහු රැඳී සිටිබව පැවසුණු ස්ථාන ගණනාවක්ම පරීක්ෂාවට ද ලක් කරනු ලැබුවත්, ඔහු ආරක්ෂාව පතා සිය වාසස්ථාන නිතර වෙනස් කරමින් ජීවත්ව සිටින බව පොලිසියට අවබෝධ වී තිබුණි.
කෙසේ නමුත් මේ අතර පොලිස් පරීක්ෂක චන්දන කොඩිතුවක්කුට ඔත්තුකරුවකු මගින් දැනගන්නට ලැබෙන්නේ - වම්බොට්ටා මීගමුවේ සිට රත්නපුරයට යමින් සිටින බවය. 2006 අප්‍රේල් 02දා කොස්ගම අස්වත්ත ප්‍රදේශයේ දී අජිත් වසන්ත හෙවත් වම්බොට්ටාගේ සිරුර පොලිසිය විසින් සොයාගනු ලැබුණි.
සියලු පාතාල නායකයන්ට අත්විඳින්නට සිදුවන පොදු ධර්මතාව වන නොහඳුනන අභිරහස් මරණයකට වම්බොට්ටා ද මුහුණ දීමට සිදුවූයේ මේ අයුරිනි.
නිරෝෂාන් ප්‍රේමරතන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd