
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය මරේ තේ වතුයායේ, පුදුකාඩු කොටසේ සිට මරේ තේ කර්මාන්ත ශාලාවට තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පුදුකාඩු ප්‍රදේශයේ දී මාර්ගයන් ඉවතට පැන අඩි 80 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි තිදෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
මෙ අනතුරින් තුවාල ලබා ඇත්තේ වතු කම්කරුවන් බවත්, ඔවුන් අවුරුදු 73, 55, හා 45 වයස්වල පසුවන අයත් බවත් පොලීසිය කියයි.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නිසා වැඩිදුර ප්‍රථිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත යැවූ බව මස්කෙළිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd