(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී බොරැල්ල කනත්ත වටරවුම අසල ඇති පදික මාරුව මතදී බිරිඳ සමග යමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන කෝටිපති මැණික් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.

සැකකරු පැද වු සුඛෝ භෝගී මෝටර් රථයද පොලිස් භාරයටගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරු ගංජා පානයට යොමු වූ අයි බව වෛද්‍ය වාර්තා වෙන්ද අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු රාජගිරිය දෙස සිට කනත්ත වටරවුම දෙසට සුඛෝ භෝගී මෝටර් රථයේ ධාවනය කරමින්සිටියදී කනත්ත වටරවුම පදික මාරුව අසල පිහිටා ඇති ආලෝක සංඥාවෙහි රතු වර්ණ ආලෝක පහන් දැල්වී ඇතිඅතර වයෝවෘද්ධ යුවල ඒ හරහා ඉතා අපහසුවෙන් ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී සැකකරු මෝටර් රථයේ නලාව හයියෙන් ශබ්ද කරමින් එය මාර්ගය හරස් වන ලෙස නවතා පා ගමනින් පැමිණ වයෝවෘද්ධ පුද්ගලයාගේ හිසට සහ මුහුණට වැරෙන් පහරවල් කිහිපයක් එල්ල කර අනතුරුව එම පුද්ගලයාගේ බිරිඳටද පහර දීමට උත්සාහ කිරීමේදී අවට සිටි පිරිස් පැමිණ ඔවුන් බේරාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

අදාළ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ල මත මෝටර් රථයේ ලියාපදිංචි අංකය අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර රියදුරු. බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ගංජා පානය සඳහා ඇබ්බැහිව ඇති බවට වෛද්‍ය වාර්තාවේ සටහන් කර ඇතැයි පොලිසිය කියයි.