(බී.ජානක)
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූලි මස 15 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද (07) නියෝග කළාය.
හතරවන සැකකරුවන දුමින්ද දිසානායක මහතාගේ එක් ආරක්ෂක නිලධාරියෙකුගෙන් පමණක් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බවත් ඔහු මේ වන විට රෝගීව ප්‍රතිකාර ලබන හෙයින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බවත් චූදිතයන්ගේ දුරකථන දත්ත වාර්තා ලැබී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමට ඇති බවත් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු නේද? මීට බයියෝ...!
මහින්ද රාජපක්ෂයන්ගෙන් වෙන්වූ කිසිම අයෙකුට යහපතක් සිදුවන්න විධියක් නැහැ නේද? දෙකෝටියක ජනතාවක් යුද බියෙන් ගලවන්න හමුදාමය තීරණයක් ගන්න ඉදිරිපත් වූ එඩිතර යුග පුරුෂයෙකුට කෙනහෙලිකම් කරන මෙලෝ සතෙකුට වන්නේ අයහපතම තමයි. බය නැතුව කටඇරලා අදටත් ඔහු ජාතියේ සේනාධිනායකයා කීමට නොපැළකිලි වන්නෙමු.
සබීතා නෝනා එහෙම ආවේ නැතැයි දුක සැප බලන්න ?