පාදයේ තුවාල සහිතව පොල්පිතිගම කැලයක වලක වැටි දින නවයක් තිස්සේ ප්‍රතිකාර ලෑබු ‘භාතිය‘ හස්තියා අද(15) උදෑසන මියගොස් තිබේ.
ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතින අතරතුර භාතිය වැතිර සිටි ඉරියවුව වෙනස් කරමින් ඊයේ (14) අනෙක් පසට හැරවීමද වෛද්‍ය උපදෙස් අනුව සිදු කෙරිණි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන් , යුද හමුදාව ඇතුළු කණ්ඩායමක් එක්ව භාතියට ප්‍රතිකාර කිරීමේ සියලුම කටයුතු සිදු කළේය.
කෙසේවෙතත් දින ගණනාවක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු භාතිය හස්තියා අද උදෑසන 8.55ට පමණ සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිධිමත් සැළසුම්, මුදල් හම්බ කිරීමේ පරම (අ)පවිත්‍ර චේතනාවෙන් සමහර වගකීව යුතු නිළධාරින් විසින් හිතා මත ආධිකරණ අතපසු කිරීම, අවිධිමත් ලෙස විදුලි වැටවල් ඉදි කිරීම, නිසා දුක් විඳින්නේ අහිංසක ගැමියන් සහ වන සතුන්. ජීවිත ආරක්ෂාවට සහ වගාවන් බේර ගන්නට අලින්ට වෙඩි තියනවා. ඊට පස්සේ අලි වැටවල් ගහන වියදමට වඩා වියදම් කරනවා අලින්ට බෙහෙත් කරනන. අන්තිමට අලියා බේරෙන්නෙත් නැහැ .සල්ලි ත් නැහැ
ඕක වෙන බව දැනගෙන හිටියේ කඳුකර කොටියට වුණා වගේ.
දැනටම දළ දෙකට ඉල්ලීම් ඉදිරිපත් වෙලා ඇති