(අංජුල මහික වීරරත්න)
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල මඟින් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලාංකිකයින් විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල හරහා සිදු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම පිණිස එය මාර්ගගතව සිදු කිරීම සඳහා සහාය ලබා ගැනීමට අදාළව යෝජනාවක් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, දූත මණ්ඩල/කාර්යාල 20ක් ආවරණය වන පරිදි ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත උපකරණ සැපයීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගත සම්බන්ධතාව පහසු කිරීම සහ ඒකාබද්ධ වීමට අදාළ පද්ධති /මෘදුකාංග සංවර්ධනය හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් අවශ්‍ය අරමුදල් සපයා දීමට එකඟතාව පළ කර ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර, ඩිජිටල් තාක්ෂණය භාවිත කර කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම අරමුණු කර ඇත. ඒ අනුව, හඳුනා ගනු ලබන විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල 20ක් මඟින් මාර්ග ගතක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉතින් කටින් බතල හිටවනවා වගේ වැඩ තමයි. ඔය ආයතනවල වැඩකරන වැඩිහිටි අයට තාක්ෂණය ගැන මෙලෝ අවබෝධයක් නැහැ. ඒ මදිවට, සරල සිංහලෙන් තානාපති කාර්යාල කියන නම වෙනුවට, දූත මණ්ඩල කාර්යාල කියලා දමලා. තමන්ගේ නම, වාසගම, පෙලපත්නාමය, වත් නිවැරදිව ලියාගන්න නොදන්නා ජනතාවක් හා නිසි අධ්‍යාපනයක් නොලැබෙන රටක, ජනතාවකට මේ ඔල්මොරොන්දම් හිංගල වචන ඇහුවාම කරකවලා අත හැරියා වගේ දැනෙයි... අනික, රටේ තරුණ ප්‍රජාව, හා කාන්තාවන්ගේ ශ්‍රමය පිටරටවලට විකුණාගෙන කන රටක තානාපති සේවය මීට වඩා කාර්යක්ෂමව කරගෙන යා යුතුව තිබුනත්, කරන කෙරුවා ගැන මම මෙතන අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ...පිටරටවල තානපතිසේවයේ නිරත වෙන ලාංකිකයින් ඒ රටවල ජනතාවට ඉමහත් ගෞරවයකින් යුතුව ජීවත් වෙන නමුත්, ශ්‍රී ලාංකිකයින්ව දුටුවාම, "බල්ලෙකුට, බල්ලෙකු හමු උනා සේ" බුරාගෙන කන්න පනින තත්වයක් තමයි මම නම් අත් දැක තිබෙන්නේ...කොහොමත් ඉතින් ජාතියක් විදිහට ඔක්කොම පර බල්ලොනේ..!! නැත්නම් ඉතින් මෙහෙම වෙයිද..?
ඩොලර් 5 ක් එහෙම නැතිනම් රුපියල් 1500 මුද්‍රණ වියදම දරන පාස්පෝර්ට් අපට සාමාන්‍ය ක්‍රමයට දෙන්නේ රුපියල් 10000 කට එක්දින සේවයට නම් 20000 කි , නමුත් පාස්පෝර්ට් එකක් ගන්න අන්තර්ජාලය හරහා දිනයක් වෙන්කරගන්න ගියොත් ලැබෙන්නේ මාස 5 කට විතර පස්සේ දිනයක් එහෙම නැතිනම් කොළඹ ඇවිත් රාත්‍රී 9 සිට පෝලිමේ ඉන්න ඕනේ පසුදිනට අයදුම්පත භාර දෙන්න , දිනයක් වෙන්කරගෙන ගියත් පැය 3 -4 රස්තියාදු වෙන්න ඕනේ , එහෙම ඉඳල සාමාන්‍ය ක්‍රමයට භාර දුන්නොත් පාස්පෝට් එක තැපෑලෙන් එන්න මාස 3-6 හෝ ඊට වැඩි කාලයක් ගතවෙනවා , අපෙන් විශාල මුදලක් ගත්තට කමක් නැහැ හරි සේවයක් සපයනවා නම් , රජයේ කාර්යාලවල බොහොමයකම වැඩ සිධවෙන්නේ මේ විදිහට...
ඉස්සෙල්ලා ලංකාවෙ එවුන්ට දීලා ඉදපල්ලා. 2023 දෙසැම්බර් ඔන්ලයින් ඉල්ලපු ඒවා තාම නැ
දූත මණ්ඩල වලට වඩා හොඳයි දේවදූත මණ්ඩලය කියලා දැම්මා නම්. නැතිනම් භූත මණ්ඩලය නැතිනම් බහුබූත මණ්ඩලය කියලා දැම්මා නම් වඩා හොඳයි.