IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කණ්ඩලමේ තවත් අලියෙක්ට වෙඩි

(කාංචන කුමාර ආරියදාස )

 ඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ  හැඩකාරයාට අමතරව තවත් වෙඩිවැදීමක් සිදු වු  අලියෙකු කණ්ඩලම වැවි ඉස්මත්තේ සිටින අයුරු මේ දිනවල දැකිය හැකියි.

එම අලියාගේ  පසුපස පාදයකට වෙඩි වැදී ඇති බව දකින්නට ලැබෙන බව ප්‍රදේශවාසී පිරිස්ද පවසති.

මීට  මාස කිහිපයක සිට  කණ්ඩල මේ හැඩකාරයා නම් වූ අලියාගේ ඉදිරිපාදයකට වෙඩි වැදී  ආහාර ගැනීමට පවා නොහැකිව  සිටිය දී ප්‍ර දේශවාසීන් දිනපතාම එම අලියාට ආහාර රැගෙන ගොස් දුන් අයුරු අපට දැකිය හැකි විය.

මෙම වන අලියාට මෙතෙක් ප්‍රතිකාරයක් සිදුකර නොමැත.  අවස්ථා ගණනාවකදී කණ්ඩලමේ හැඩකාරයාට ප්‍රතිකාර කළ බව සීගිරිය වනජීවී නිලධාරීහු පෙන්වා දෙන අතර මෙම වන අලියා  ඊයේ (01 )  පස්වරුවේ අහම්බෙන් අපට දැකගැනීමට හැකි විය

 මෙම  අලියාද වෙඩි වැදී මේ ආකාරයෙන් තැන තැන ප්‍රතිකාර ඉල්ලමින් ඇවිදීම සිදුකරන අතර තවත් වන අලි කිහිප දෙනෙකු එම වන අලියාට රැකවරණය දීමද සිදු කරනු අයුරු පෙනේ.

 



අදහස් (0)

කණ්ඩලමේ තවත් අලියෙක්ට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site