(කාංචන කුමාර ආරියදාස)
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන 14 පුද්ගලික සමාගමක් යටතට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොකරන්නේ නම් ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථාන වසා දමන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනීන් වෙළඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා අද පැවසීය.
ආර්ථික මධ්‍යස්ථාන 14 පරිපාලන කටයුතු පෞද්ගලික සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේදැයි ලංකාදීපය කළ විමසීමකදී සභාපතිවරයා මේ ගැන සඳහන් කළේය
රජයේ මෙම තීරණයට එරෙහිව දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන වසා දමා විරෝධය ප්‍රකාශ කරනව.
එහෙත් රජයේ ඇහුම්කම් නොදෙන්නේ නම් ව්‍යාපාරික භවතුන් සහ ගනුදෙනුකරුවන් සමග වෙනම ඉඩම් මිලදීගෙන ආර්ථික මධ්‍යස්ථාන අලුතින් ඉදිකිරීම ආරම්භ කරනවා.
අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග රැසක් ගැනීමට තීරණය කරලා තියෙන්නේ , මේ වන විටත් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති ආර්ථික මධ්‍යස්ථාන පුද්ගලික සමාගමට පැවරීමට විරුද්ධව නීති උපදෙස් ලබාගෙන ඊට විරුද්ධව අධිකරණමය ක්‍රියාදාමයක් ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘‘රජයේ තීරණය වෙනස් නොකළහොත් දැඩි තීරණයක් ගන්නවා‘‘
Cyril Dahanayake Thursday, 17 July 2025 02:26 PM
මෙම ආයතනවල දූෂණ අක්‍රමිකතා සෙවීම තමයි මූලික අරමුණ. මේ ආණ්ඩුවට පිස්සු හැදිලා නෑ.
Abandoned stone castle Thursday, 17 July 2025 04:17 PM
හොරාකන්න නැතිවෙන කොට දැඩිව දැනෙනවා නේද?