IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

 

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයකි.  එබැවින් තවත් වසර 150 ක වෙළෙඳපොළ අපේක්ෂාවන් පෙරදැරිකරගෙන අපගේ නවතම විද්‍යුත් වාහන පෙළ හඳුන්වා දෙන්නේ ඉමහත් සතුටිනි.  මෙහිදී සියළුම ශ්‍රී ලාංකිකයන්ට තිරසාර අන්දමින් මෝටර් රථයක හිමිකාරිත්වය ලබාගත හැකි වන ආකාරයෙන් ප්‍රමිතිය සහ මිල ගැන විශේෂ අවධානයක් යොමු කරමින් පරික්ෂාකාරීව තෝරාගත් වාහන පෙළක් අපි ඔබට ඉදිරිපත් කරමු. එය නිරන්තරයෙන් වෙනස් වන ජාතියේ අවශ්‍යතා සපුරාලීම සඳහා බ්‍රවුන්ස් හි අප මේ දක්වා තැබූ වඩාත් පෙරළිකාර ඉදිරි පියවරකි.

සාමාන්‍ය පාරිභෝගිකයෙකුට ළඟා වීමට වත් නොහැකි මිල ගණන් වලින් ඇතිවන ව්‍යාකූලත්වය නිසා වර්තමාන වාහන වෙළෙඳපොල තේරුම් ගැනීම බොහෝ දෙනෙකුට  දුෂ්කර අභියෝගයකි. පසුගිය වසර 5 මුළුල්ලේ සිහිනයක්ව පැවති අලුත් වාහනයක හිමිකාරිත්වය ලැබීම දැන් ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසුවද අපේ ආර්ථික පුනර්ජීවනයේ කොටස්කරුවන් වන බොහෝ දෙනකුට ළඟා විය නොහැකි මට්ටමක පවතී.

ශ්‍රී ලාංකිකයින්ට වඩාත් අවැසි අවස්ථාවක බ්‍රවුන්ස් EV අපේ ජාතිය නඟා සිටුවීමේ ප්‍රගතියට අත්වැලක් වෙමින් කාලයට ගැලපෙන සියල්ල ඇතුළත් විසඳුම් පෙළක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. බ්‍රවුන්ස්, ඒ සඳහා ගෝලීය විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වන SAIC-GM-Wuling[SGMW] සහ Beijing Auto Works[BAW] හවුල්කාරිත්වයෙන් ඔබ වෙනුවෙන්ම සුවිශේෂී ලෙස සැකසූ විද්‍යුත් වාහන මාදිලි තුනක් සාඩම්බරයෙන් පිරිනමයි.

විද්‍යුත් වාහනයක් හිමිකරගැනීමට බොහෝ ශ්‍රී ලාංකිකයන් තුල පැවති දිගුකාලීන සිහිනය යථාර්ථයක් බවට පත් කරන මෝටර් රථය, BAW-E7 රථයක මිල රුපියල් මිලියන 4.7 ක් පමණි. වෙහෙසකින් තොර නාගරික ගමනාගමනය සඳහා නිර්මාණය කරන ලද E - 7 මටසිළුටු, සුවපහසු ආසන 5 කින් යුත් දොර 5 හේ මෝටර් රථයකි. සුහුරු සහ ආරක්ෂිත විශේෂාංග රැසකින් සපිරි එය ආර්ථිකමය වශයෙන් උපරිම පිරිමැසුම්දායක ධාවනයක් ලබා දෙයි. වඩාත් දැරිය හැකි මිලකට ජාතියට පිරිනමන E - 7 විද්‍යුත් මෝටර් රථය මේ මස අගදී බ්‍රවුන්ස් වෙත පමණක් ලඟාවේ. දැන් සිටම ඔබට ඒ සඳහා ඇණවුම් ඉදිරිපත් කල හැකිය. 

වැඩි ක්‍රියාකාරිත්ව විශේෂාංග සහ ඉහළ සුඛෝපභෝගී පහසුකම් අපේක්ෂා කරන අපේ පාරිභෝගිකයින් සඳහා, Wuling Binguo සහ Cloud, බ්‍රවුන්ස් EV හි දැන් අලෙවිය සඳහා ඇති බව සතුටින් නිවේදනය කරමු. එහිදී Wuling Binguo රථයක් රුපියල් මිලියන 8.1 කට සහ Cloud රථයක් රුපියල් මිලියන 12.4 කටත් මිලදී ගත හැකිවේ. සැලකිය යුතු ඉඩකඩකින් සහ නූතන සුඛෝපභෝගීත්වයෙන් යුත් Wuling විද්‍යුත් මෝටර් රථය පවුලේ වාහනයක් ලෙස මෙන්ම වෘත්තිකයන් සඳහාද කදිම තේරීමකි. අසමසම සුවපහසුව සහ අති නවීන තාක්‍ෂණය සමඟ Wuling EV රිය පැදවීමේ අත්දැකීම ඉහළ තලයකට රැගෙන යයි. 

මෙම මාදිලි තුනම ගුණාත්මකභාවය, ආරක්‍ෂිත බව සහ වඩාත් වැදගත් ලෙස වටිනාකම සම්බන්ධයෙන් බ්‍රවුන්ස් EV, සිය ගනුදෙනුකරුවන් කෙරෙහි ඇති කැපවීම මූර්තිමත් කරයි. මෙම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, සමස්ත විද්‍යුත් වාහන පෙළ සඳහාම දිගුකාලීන වගකීම් කාලයක් බ්‍රවුන්ස් EV ප්‍රකාශයට පත් කරන්නේ සාඩම්බරයෙනි.

නව ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රවුන්ස් EV අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා මෙසේ පැවසීය, “වසර ගණනාවක් තිස්සේ පැවති ආනයන සීමාවන් හේතුවෙන් වාහනයක හිමිකාරිත්වය අහිමිවී සිටි ශ්‍රී ලාංකිකයන් අපේක්ෂාවෙන් සිටියේ උසස් තත්ත්වයේ වාහනයක් පමණක් නොව සැබවින්ම දැරිය හැකි මිලකට වාහනයක් මිලදී ගැනීමටයි. මෙම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා නැරඹීමෙන් සහ බ්‍රවුන්ස් EV හි  අපගේ විද්‍යුත් වාහන පෙළ පරීක්ෂා කිරීමෙන් මා වටහා ගත් කරුණක් තිබේ. ඒ මෙම වාහන  අපේ වෙළෙඳපොලට හරියටම ගැලපෙන සුහුරු විශ්වාසදායී, තිරසාර සහ දැරිය හැකි ප්‍රවාහන මාදිලියක් බවයි. අපි ගෝලීය EV පරිණාමය ශ්‍රී ලංකාවට ගෙන ඒම පමණක් නොව, සාමාන්‍ය පාරිභෝගිකයින්ටද වාහන හිමිකාරිත්වය පිළිබඳ සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නේ ඔවුන්ට මෙන්ම රටටද ජයග්‍රහණයක් අත්කර දෙමිනි. මෝටර් රථ කර්මාන්තයේ උරුමය අඛණ්ඩව පවත්වාගෙන යන ව්‍යාපාරයක් ලෙස අපි අනාගතයට යොමු වූ ප්‍රවාහන විසඳුම් හඳුන්වා දීමට ලැබීම ගෞරවයක් සහ වරප්‍රසාදයක් ලෙස සලකමු.”

LOLC හෝල්ඩින්ග්ස් සහ බ්‍රවුන් සහ සමාගම පීඑල්සී හි සභාපති ඉෂාර නානායක්කාර මහතා ඒ පිලිබඳ සිය දැක්ම වඩාත් පුළුල් ආකාරයෙන් ඉදිරිපත් කලේ මෙලෙසිනි.

“බ්‍රවුන්ස් EV දියත් කිරීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත ආවේණික විසඳුම් ලබා දීම සඳහා වූ අප ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. දැරිය හැකි මිලකට පමණක් නොව, දැරිය හැකි ආකාරයෙන් එදිනෙදා භාවිතයට සහ නඩත්තුවට විකල්ප ලබා දෙන එය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයේ රන් අකුරින් ලියැවෙන අවස්ථාවක් ද වෙයි. සැබෑ ප්‍රගතිය අත්කරගත හැක්කේ ප්‍රවේශය, අවස්ථාවන් සහ නවෝත්පාදනය තුළින් ජනතාව සවිබලගැන්වීමෙන්  බවට වූ අප විශ්වාසය මෙමඟින්ද පිළිබිඹු වේ. අපේ නිවහන වූ මේ රටේ ආර්ථික සංවර්ධනය සහ සමාජ අභිවෘද්ධිය ඉදිරියට ගෙන යාම සඳහා බ්‍රවුන්ස් වසර 150 ක් තිස්සේ ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුගත වී තිබේ. නැවත වරක් කිවහොත් මේ අවස්ථාව උදාවන තුරු බලා සිටි මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට වාහන හිමිකාරිත්වයේ ප්‍රවේශය යළි ඇති කිරීමෙන් අපි වැදගත් ජාතික අවශ්‍යතාවක් සපුරාලමින් සිටිමු. බ්‍රවුන්ස්, LOLC සමඟ සහයෝගයෙන් මූල්‍යකරණය, රක්ෂණය සහ අලෙවියෙන් පසු සේවාව ඇතුළු සියළු සේවාවන් එකම වහලක් යටදී ලබා දීමට බලාපොරොත්තුවේ. රැකියා, ව්‍යවසායකත්වය සහ පාරිභෝගික තෘප්තිය උදෙසා බලපෑමක් නිර්මාණය කිරීම මෙහිදී අපේ අරමුණයි.”

ලොව දෙවන විශාලතම EV සන්නාමය වන Wuling, විද්‍යුත් මෝටර් රථ මිලියන 3 කට වඩා නිෂ්පාදනය කළ චීනයේ පළමු මෝටර් රථ නිෂ්පාදකයායි. BAW විද්‍යුත් මෝටර් රථ සන්නාමය සමඟ එය චීනයේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ ව්‍යවසායකයෙක්ද වෙයි.  බ්‍රවුන් සහ සමාගමේ නොසැලෙන උරුමය සහ එහි මව් සමාගම වන ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන LOLC සමඟ ඔවුන්ගේ කැපවීම තවදුරටත් ශක්තිමත් වී තිබේ.

බ්‍රවුන්ස් EV දිවයින පුරා ප්‍රදර්ශනාගාර රැසක් විවෘත කිරීම සඳහා දැන් කටයුතු කරමින් සිටි. ඊට අමතරව වැඩි පහසුකම් සහ ක්‍රියාකාරිත්වයක් සහිත තවත් ඉහළ තත්ත්වයේ වාහන පෙළක්‌ම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අපේක්ෂා කරයි. එමඟින් ඔබගේ සියළු විද්‍යුත් වාහන අවශ්‍යතා එකම ස්ථානයකදී සපුරා ගත හැකි වනු ඇත.

අප හදවත වන්  පාරිඝෝගිකයින් සඳහා වූ දිගුකාලීන සහ තිරසාර කැපවීම තවදුරටත් අවධාරණය කරමින්,  බ්‍රවුන්ස් EV ශ්‍රී ලංකාවේ විශාලතම ආරෝපණ (චාර්ජින්) යටිතල පහසුකම් ජාලය සංවර්ධනය කරමින් සිටී. එමඟින් සියළුම විද්‍යුත් වාහන හිමියන්ට දිවයින පුරා දැරිය හැකි, පහසු සහ විශ්වාසදායක ප්‍රවේශයක් සහතික කරයි.

එමෙන්ම අප ගනුදෙනුකරුවන්ගේ වාහන හිමිකාරීත්වයේ අත්දැකීමට සහාය වීම සඳහා, බ්‍රවුන්ස් EV, LOLC ෆිනැන්ස් සහ අනෙකුත් ප්‍රධාන බැංකු සහ මූල්‍ය ආයතන සමඟ ඒකාබද්ධව නම්‍යශීලී මූල්‍යකරණ විකල්ප ලබා දීමටද සූදානම්. LOLC ඉන්ෂුවරන්ස් මෙහිදී බ්‍රවුන්ස් EV වෙතින් මිලදී ගන්නා විද්‍යුත් වාහන වලට පූර්ණ රක්ෂණාවරණයක් ලබාදෙන අතර බ්‍රවුන්ස් කෙයාර් (Browns Care) විශ්වාසදායී අලෙවියෙන් පසු සේවාවක් සහ අනෙකුත් සහාය ලබාදීමට එක්වේ.

ඔබට ගැලපෙන විද්‍යුත් වාහනය ගවේෂණයට, පරීක්ෂා කිරීමට සහ තෝරා ගැනීමට කොළඹ 10, ටී.බී. ජයා මාවතේ, අංක 481 දරන ස්ථානයේ පිහිටි බ්‍රවුන්ස් EV ප්‍රදර්ශනාගාරය වෙත පිය නගන්න. වැඩි විස්තර දැනගැනීම සඳහා www.brownsev.com අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න, නැත්නම් 0117716111 දුරකථන අංකය අමතන්න.

බ්‍රවුන්ස් EV - නවෝත්පාදනය උරුමය හා එක්වන තිරසරභාවය                                                 දැරිය හැකි මිලකට සපුරාලන ඔබේ විද්‍යුත් වාහන පාරාදීසයයි.



අදහස් (0)

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 175 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 131 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 164 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site