ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 55 වැනි ශාඛාව පසුගියදා අම්බලන්ගොඩ නගරයේදී විවෘත කෙරිණ. දිරියෙන් ඉදිරියට යන්නට වෙර දරන එකිනෙකට වෙනස් මූල්‍ය අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමේ අරමුණෙන් පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවක් ලබාදීමෙහිලා දීප ව්‍යාප්ත සියපත ෆිනෑන්ස් ශාඛා ජාලය මෙම නවතම අම්බලන්ගොඩ ශාඛාවත් සමග තවදුරටත් ශක්තිමත්ව ඇත.
අම්බලන්ගොඩ ගාලූ පාරේ අංක 29 දරණ ස්ථානයේ සියපත ෆිනෑන්ස් පීඑල්සී නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් ජයනාත් ගුණවර්ධන මහතා, ශ‍්‍රියානි රණතුංග මහත්මිය සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා මහතා ප‍්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක, අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් හසන්ති නිරෝෂනී මහත්මිය, අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක රණවීර මහතා, ග‍්‍රාම නිලධාරී හංස කුමාර ද සිල්වා මහතා, වෙළෙඳ සංගමයේ සභාපති සරත් ද සිල්වා මහතා යන මහත්ම මහත්මීන් ඇතුළුව ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැුසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැුසක් සහභාගී වූහ.
අම්බලන්ගොඩ නගරයට එම නාමය යෙදීම පිළිබඳ විවිධ මත කිහිපයක් පවතියි. ඉතිහාසඥ ඞී. ඩබ්ලිව්. ෆර්ගියුසන් මහතාගේ වාර්තා අනුව ”අම්බලම් ගොඩක් ඇති ගම අම්බලන්ගොඩ” වූ බව සඳහන් අතර ජනප‍්‍රවාදයන්ට අනුව මුහුදේ අතරමංවූ නාවිකයන් පිරිසක් ගොඩබැසීමට ගොඩබිමක් සොයද්දී ”ආන් බලන් ගොඩ” යනුවෙන් පැවසූ නිසා පසුකාලීනව අම්බලන්ගොඩ යැයි නම යෙදුනේ දැයිද විශ්වාසයක් පවතියි.
ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් අම්බලන්ගොඩ ස්වභාව සෞන්දර්යයෙන් හා සංස්කෘතික වටිනාකම් රැුසකින් අගතැන්පත් නගරයකි. වෙස්මුහුණු සහ රූකඩ කලාව සඳහා ලොව සුපතල අම්බලන්ගොඩ දිනෙන් දින වර්ධනය වන සංචාරක ව්‍යාපාරයකටත් ධීවර කර්මාන්තයටත් ප‍්‍රසිද්ධියක් උසුලයි. අම්බලන්ගොඩ නගරාශ‍්‍රිතව වෙසෙන ජනගහණයෙන් බහුතරය ආර්ථික වශයෙන් ක‍්‍රියාකාරී ශ‍්‍රම බලකායක් වීම කැපී පෙනෙයි. මේ අනුව අම්බලන්ගොඩ මූල්‍ය සේවා සඳහා සුදුසුම වෙළෙඳපොළක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී හඳුනාගනිමින් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ නගරයේ ස්ථාපිත කොට තිබේ.
අම්බලන්ගොඩ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් ”අම්බලන්ගොඩ නගරයේ මිශ‍්‍ර ආර්ථික වටපිටාව නිසා දියුණුවන්නට කැමති කාටත් වටිනා අවස්ථා රැුසක් උදාව තිබෙනවා. දකුණු පළාතේ ගනුදෙනුකාරභවතුන්ට පහසුවෙන් පැමිණ මූල්‍ය සේවා ලබාගැනීමට හැකිවෙන ආකාරයට අපේ ශාඛා ජාලය නව අම්බලන්ගොඩ ශාඛාව සමග ශක්තිමත් වෙනවා. ඔබේ මූල්‍ය අවශ්‍යතාව කුමක් වුවත් සියපත ෆිනෑන්ස් වෙතින් නම්‍යශීලී මූල්‍ය සේවාවක් ලබාගෙන ඔබේ ජීවන තත්ත්වය උසස් කරදීමට අපගේ කාර්ය මණ්ඩලය සූදානම්!” යැයි පැවසීය.
සේවා අංශයේ ප‍්‍රමුඛතම දායකත්වයත්, කෘෂිකර්මාන්තයේ හා කාර්මික අංශයේ සහයෝගයත් මත ගොඩනැගුන අම්බලන්ගොඩ නගරයේ ආර්ථික ව්‍යුහය අනුව පහසුවෙන් ලඟාවිය හැකි නම්‍යශීලීත්වයෙන් යුතු නව්‍යකරණය වූ මූල්‍ය සේවාවන් සඳහා ඉහළ ඉල්ලූමක් නිර්මාණය වී තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය, ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා ලීසිං පහසුකම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම් මෙන්ම තිරසර සංචාරක ව්‍යාපාරය හා කෘෂිකර්මාන්තය සඳහා හරිත මූල්‍ය විසඳුම් (green financing) හඳුන්වාදෙමින් සියපත ෆිනෑන්ස් එම මූල්‍ය වෙළෙඳපොළ තුල සිය අනන්‍යතාව තහවුරුකරගැනීමට සමත්ව සිටියි.
සියපත ෆිනෑන්ස් පීඑල්සී අම්බලන්ගොඩ ශාඛාව වෙතින් ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, fast draft චක‍්‍රීය ණය සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සමග Smart Pay බිල්පත් ගෙවීමේ සේවාව දැන් අම්බලන්ගොඩ ප‍්‍රදේශ වාසී ගනුදෙනුකාරභවතුන් වෙත ලබාගත හැකිය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දියත් කළ ”සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ අම්බලන්ගොඩ නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂවරයා ප‍්‍රමුඛ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප‍්‍රධානත්වයෙන් සීනිගොඩ අම්බලන්ගොඩ සිරි අභයතිස්ස මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලද අතර එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා අධ්‍යාපනික උපාංග පරිත්‍යාගයන් ද ඒ හා සමගාමීව සිදුකෙරිණ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී ගැන මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ‍්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප‍්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැුසක් සවිබල ගන්වා ඇත. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.
අම්බලන්ගොඩ සියපත ෆිනෑන්ස් ශාඛාවේ සේවා පිළිබඳ දැනුවත් වීම සඳහා 0917605235 අමතන්න, නැතහොත් අම්බලන්ගොඩ ගාලූ පාරේ අංක 29 දරණ ස්ථානයේ ශාඛා කාර්යාලයට පිවිසෙන්න. වැඩිවිස්තර සඳහා http://www.siyapatha.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!