
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම 'Rebuild Sri Lanka' අරමුදල වෙත රුපියල් ලක්ෂ 600 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.
CK Hutchison සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වන HUTCH සමාගම ලබා දුන් මෙම මූල්‍ය දායකත්වය, ආපදාවට ලක්වූ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් යළි නඟා සිටුවීම සහ පොදු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් යොදවනු ඇත.
මෙම මූල්‍ය පරිත්‍යාගයට අමතරව, ආපදා තත්ත්වය තුළ සන්නිවේදන සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා HUTCH විසින් ක්ෂණික ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව, පාරිභෝගිකයින් වෙත නොමිලේ ඇමතුම්, ඩේටා සහ SMS පහසුකම් ලබා දීම, ජංගම දුරකථන ආරෝපණ කුටි (Mobile charging booths) ස්ථාපිත කිරීම මෙන්ම, හානියට පත් සන්නිවේදන කුළුණු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉංජිනේරුවන් ගුවන් මගින් රැගෙන යාම වැනි ක්‍රියාමාර්ග රැසක් දියත් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් HUTCH Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මහතා ප්‍රකාශ කර සිටියේ, ව්‍යසනයක් හමුවේ අපගේ ප්‍රමුඛතම වගකීම වන්නේ ජනතාවට තම හිතවතුන් හා සම්බන්ධ වීමට ඉඩ සලසමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. අපගේ මව් සමාගමේ පූර්ණ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාව යළි නැගී සිටින මෙම අවස්ථාවේදී ජාතිය සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වනවා. එලෙසම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ඩිජිටල් අමාත්‍යාංශය, ආරක්ෂක අංශ සහ රජය විසින් ගනු ලැබූ කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග පිළිබඳව අපගේ ස්තූතිය පළ කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම පරිත්‍යාගය සහ අඛණ්ඩව සිදුකරන සහන සේවාවන් හරහා, හදිසි අවස්ථාවන්හිදී ප්‍රජාවට සහාය වීම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් HUTCH සමාගම සතු දිගුකාලීන කැපවීම නැවතත් තහවුරු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
8
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
335
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි