
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, තායිලන්තයේ බැංකොක් නුවර පැවැති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී සුවිශේෂ කාණ්ඩ තුනක් යටතේ ජයග්‍රහණ හිමිකර ගනිමින් ජාත්‍යන්තර මට්ටමෙන් ගෞරවයට පාත්‍ර විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම උළෙලට නවෝත්පාදනය, නායකත්වය, තිරසාරත්වය, සහ සමානාත්මතාව සහිත රක්ෂණ විසඳුම් සම්බන්ධ විශිෂ්ට ජයග්‍රහණ ඇගයීම පිණිස ආසියාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම් එක්ව සිටියහ.
අඛණ්ඩව දෙවැනි වරටත් වසරේ හොඳම ජීවිත රක්ෂණ සමාගම සඳහා වූ අංශයේ සම ජයග්‍රාහකයා, වසරේ රක්ෂණ ආවරණය හා සම්බන්ධ හොඳම උපායමාර්ග සඳහා වූ අංශයේ සම ජයග්‍රාහකයා, මෙන්ම රක්ෂණ නායකත්ව කටයුතු තුළ කාන්තාවන් උදෙසා සපයන දායකත්වය සඳහා වූ අංශයේ සම ජයග්‍රාහකයා ලෙසද යූනියන් ඇෂුවරන්ස් ඇගයීමට පාත්‍ර විය. රක්ෂණ ක්ෂේත්රය තුළ සිය වටිනාකම් කේන්ද්‍රකර ගත් උපායමාර්ග, ඵලදායී කාර්යසාධනය, සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීම ඉහළ නැංවීම සඳහා අඛණ්ඩව කැපවීම මෙම ඇගයුම් ප්රණාම මඟින් සනිටුහන් කෙරෙයි.
මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “ක්ෂේත්රයේ ප්රමිතීන් ඉහළ නැංවීමට කැප වූ ජාත්‍යන්තර මට්ටමේ ජීවිත රක්ෂණ සමාගමක් ලෙස අප හිමිකරගෙන සිටින පිළිගැනීම තවදුරටත් සවිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයට නව අරුතක් එක් කිරීමට අප දක්වන නොනවතින කැපවීම මේ ජයග්‍රහණ මඟින් පිළිබිඹු වෙනවා. වටිනා සැමදේ සුරැකීම වෙනුවෙන් දැඩි වගකීමක් පෙරදැරි කර ගනිමින්, අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සමඟ දිනෙන් දින වෙනස් වන, නවීන සහ පුද්ගලබද්ධ ජීවිත රක්ෂණ විසඳුම් පිරිනැමීම සඳහා වැඩිදියුණු කළ තාක්ෂණය සහ ඩිජිටල් පහසුකම් උපයෝගී කර ගැනීම මඟින් පුද්ගලයින්ට සහ පවුල්වලට විශ්වාසයෙන් යුතුව ඉදිරියට යෑමට අපි සහාය වෙනවා.”
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2025 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 46.2ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 91.1ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd