සුජිත් හේවාජුලිගේ
හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය තීරණය කර ඇති හෙයින් විශ්‍රාම වැටුපෙන් යැපුණු මන්ත්‍රීවරුන් දෙසීයකට වැඩි පිරිසක් වෙනත් ආදායම් මාර්ග සොයා ගැනීමට මේ දිනවල උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ පැවසුවේ මන්ත්‍රී විශ්‍රාම වැටුප තමන්ගේ බෙහෙත් ඇතුළු වෛද්‍ය පහසුකම් සඳහා පමණක් වෙන්කරගෙන සිටි මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් සිටින බවය.
විශ්‍රාම වැටුප අහෝසි කළ හොත් ඔවුන් යන එන මං නැති තැනට පත්වන බව කී ඔහු බොහෝ දෙනකු දුරකථනයෙන් තමා අමතමින් දුක ප්‍රකාශ කරන බවද සඳහන් කළේය. රාජ්‍ය සේවයේ වෙනත් රැකියාවල නිරතව සිට විශ්‍රාම වැටුප නැති කරගෙන මන්ත්‍රී ධුරයට පත්වුණු සැලකිය යුතු ප්‍රමාණයක් ද මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමිවීමෙන් අන්ත අසරණ වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පිරිස අතර විදුහල්පති සේවයේ සිට මන්ත්‍රී ධුරයට පත්වූ ජවිපෙ මන්ත්‍රීවරියක ද (හිටපු) සිටින බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වැනිදා විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට නියමිතය. එම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 519 දෙනකුගේ විශ්‍රාම වැටුප අහෝසි වී යනු ඇත. මේ අනුව පෙබරවාරි මාසයේ සිට මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගෙවීම නතර කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. විශ්‍රාම වැටුප ලබන පිරිසට හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් (බිරිඳ හෝ සැමියා) 150ක්ද දරුවෝ හතක් ද ඇතුළත් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd