
සතිය උණුසුම් කරන මාතෘකාව වූයේ ගල් අඟුරුය. ලංකාවේ ගල් අඟුරු නිධි පිහිටා නැතත් ගල් අඟුරු මගින් ක්‍රියාත්මක වන නොරොච්චෝලේ බලාගාරය සඳහා සෑම වසරකම විශාල මුදලක් යොදවා ගල් අඟුරු තොග ගෙන ඒමට සිදුවෙයි. මෙවර ප්‍රශ්නය මතුවී ඇත්තේ එසේ ගෙන ආ ගල් අඟුරු නැව් තුනම බාල වර්ගයේ ගල් අඟුරු වීමයි. මේ නිසා විපක්ෂය ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටියි.
විදුලිය බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ මේ වනවිට මෙරටට ගෙන්වා ඇති ගල් අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් මේ වනවිට ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවය. නොරොච්චෝලේ බලාගාර සංකීර්ණය තුළ මෙගාවොට් 300 බැගින් යුතු බලාගාර තුනක් ඇති අතර එම බලාගාර තුනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවේ දී මෙගාවොට් 810 ක විදුලි ජනනයක් සිදුවිය යුතු වුවත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් මේ වනවිට උපරිම වශයෙන් ජනනය කළ හැක්කේ මෙගාවොට් 715 ක් පමණක් බව කියති. ඒ අනුව පසුගිය දිනවල සිට දිනකට මෙගාවොට් 95ක ධාරිතාවක් අහිමිවී ඇති අතර එම මෙගාවොට් ප්‍රමාණය ලබාගෙන ඇත්තේ ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමෙනි. ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවේ. මෙරට විදුලි නිෂ්පාදනයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් හැට දහසක් නැව් ගමන් වාර 38 කින් මෙරටට ගෙන ආ යුතු අතර මේවනවිට ගෙනැවිත් ඇත්තේ 3ක් පමණකි. එම තුන ද ඉන්දියාවට යවා කළ සාම්පල පරීක්ෂාවේ දී බාල ගල් අඟුරු බව හෙළිවී තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උපාය මාර්ගික සංවර්ධනය හා යටිතල පහසුකම් පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේදී ද ඉකුත් සතියේ මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී අදාල සමාගමේ නිලධාරීන්ට දැනුම් දුන්නේ ගල් අඟුරු නෞකා තුනේ ප්‍රමිතිය පිළිබඳ වාර්තා එම කාරක සභාවට ලබාදෙන ලෙසය. නිලධාරීන් දන්වා ඇත්තේ සාම්පල පිළිබඳ වාර්තා ලැබුණු වහාම ඉදිරිපත් කරන බවය.
මෙම තත්ත්වය නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඉකුත් සතිය ආරම්භයේදීම කල්පිටිය නොරොච්චෝලේ බලාගාරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක ද නිරත වූහ.
අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, ජේ.සී. අලවතුවල, ඩී.වී. චානක, බදුල්ලේ චමින්ද විජේසිරි සහ අනුරාධපුර රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරු එම නිරීක්ෂණ චාරිකාවේ නිරත වූහ. පෙරවරු දහයට පමණ එම මන්ත්‍රී කණ්ඩායම බලාගාරයට ළඟා වූ අතර කළමනාකාරීත්වය බොහෝ තොරතුරු මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. ගල් අඟුරු බාල බව ඔවුන්ගෙන් ද කියැවිණි. ප්‍රමිතිය බාල වුවහොත් යන්ත්‍ර සූත්‍රවලට පවා හානිකරන බව එහිදී හෙළිදරව් විය. පැවති රජයන්ට එරෙහිව ජවිපෙ නිරතුරුව ගල් අඟුරු වංචා පිළිබඳ චෝදනා එල්ල කළ අතර ඒ අනුව ජවිපෙ රජයට ද එම චෝදනා පාරා වළල්ලක් බව විපක්ෂයේ මතය වේ.
සඳ දඩයමට එකතුවී
බන්දුල ගුණවර්ධන හිටපු ඇමැතිවරයාගේ නිර්මාණයක් වන ‘‘&සඳ දඩයම’’ චිත්‍රපටය ඉකුත් සතියේ කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී පළමු ප්‍රදර්ශනය සිදුවූ අතර එම අවස්ථාව විපක්ෂයේ දේශපාලකයන් ගණනාවක්ම එකට හමු වූ අවස්ථාවක් විය. දොස්තර රාජිත සේනාරත්න, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කරු ජයසූරිය, තිස්ස අත්නායක හා රාජිතගේ බිරිඳ දොස්තර සුජාතා සේනාරත්නද එම අවස්ථාවට එක්වූහ. හිටපු මැති ඇමැතිවරුන් කතාබහක යෙදී සිටියදී හිටපු කතානායක කරු ජයසූරිය කියා සිටියේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ගැන තමා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග කතා කළ බවය. ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් හතළිස් දෙනකුත් විශ්‍රාම වැටුප් ලබන බව ජනාධිපතිවරයා දැනගත්තේ තමා පැවසූ පසු බව කරු ජයසූරිය කියා සිටියේය. ‘‘&මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා ඉහළ උසාවියෙන් මේ ගැන සාධාරණයක් ඉටු වෙයි කියල’’ කරු ජයසූරිය කීවේය. ‘‘ජනාධිපති දන්නෙ නෑ කියන්නෙ නම් බොරුවක්... එයා නොදැන කොහොමද මේ වගේ තීන්දු ගැනෙන්නෙ...’ එහි සිටි දේශපාලකයෙක් සඳහන් කළේය.
ජගත් විතානගේ ගෝරියක
කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටුව ඉකුත් සතියේ රැස්වූයේ මෙම වසරේ දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලසුම් ගැන සාකච්ඡා කිරීමට හා ජනමාධ්‍ය ඇමැති දොස්තර නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම කමිටු රැස්වීම පැවැත්විණි. සංජීව රණසිංහ, නිලන්ති කොට්ටහච්චි, ධනුෂ්ක රංගනාත් යන ජානිපෙ මන්ත්‍රීවරු ද සජබයේ ජගත් විතාන මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීහුද එම රැස්වීමට සහභාගි වූහ. අගලවත්තට ආදාහනාගාරයක් ඉදිකිරීම සඳහා ජගත් විතාන මන්ත්‍රීවරයා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වීමෙන් පසු එම රැස්වීමේ යම් උණුසුමක් හට ගත්තේය.
හිටපු කතානායක කරු ජයසූරිය මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳව යළි සලකා බලන්නැයි ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඉකුත්දා ලිපියක්ද යොමු කළේ හිටපු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විශ්‍රාම වැටුපෙන් ජීවත්වන බවත් එම වැටුප නොමැති වුවහොත් ඔවුන් ඉතා දුෂ්කර තත්ත්වයකට වැටෙනු ඇති බවත් දන්වමිනි.
‘‘අගලවත්තට ආදාහනාගාරයක් ඕනෑ... ඒ ගැන අපි නිතරම කතා කරලා තියෙනවා... ප්‍රදේශයේ ජනතාව වෙන තැන්වල යනවා... මේ සැරේත් ඒක හදන සැලැස්මෙ නෑ...’’ ජගත් විතාන කීවේය. රජයේ බලධාරීන් පැවසුවේ ණයක් ලබා ගෙන එම ආදාහනාගාරය ඉදිකිරීමට උත්සාහ කරන බවය. ණය අවශ්‍ය නොවන බවත් තමාගේ පෞද්ගලික මුදලින් එම ආදාහනාගාරය ඉදිකරදීමට සූදානම් බවත් ජගත් විතාන කීවේය. එහෙත් ඒ පිළිබඳ නිසි පිළිතුරක් නොලැබුණු අතර මන්ත්‍රීවරයා සභාවෙන් නැගිට ගියේය. අත්‍යවශ්‍ය ඉදිකිරීම් සංවර්ධන කමිටු සැලසුම්වල නොමැති බව මන්ත්‍රීවරයාගේ චෝදනාවය.
සජබ ආසන සංවිධායකයන් අලුතින්
සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් දින කිහිපයක් ගත කළේ සිංගප්පූරුවේය. ඒ අතරතුර පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්නායක, මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ ලක්ෂ්මන් කිරිඇල්ල දීර්ඝ සාකච්ඡාවක නිරත වූයේ මෙම වසර සඳහා පක්ෂයේ බිම් මට්ටම සහ සංවිධාන ජාලය ශක්තිමත් කරන ආකාරය පිළිබඳවය. සජබ කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ වාර්තාවක් සකසා පක්ෂ නායකයාට භාරදීමය.
ඇතැම් ආසන සංවිධායකවරුන්ගේ දුර්වලකම් ගැන මෙහිදී සාකච්ඡා කෙරිණි. සජබ බොහෝ ආසන සංවිධායකවරුන් පත් කළේ ජනාධිපතිවරණයට පෙරය. ඒ අතරින් සමහරුන් මේ වනවිට අක්‍රියව සිටින බව සාකච්ඡාවේ දී හෙළිවිය. ගමේ ජනතාව සහ ආසන සංවිධායකවරුන් අතර සබඳතාව බිඳවැටී ඇති හෙයින් එය ගොඩ නැගීම කළ යුතු බව මෙම ජ්‍යෙෂ්ඨයන් පිරිස අදහස් හුවමාරු කර ගත්හ. දිස්ත්‍රික්ක මට්ටමින් අක්‍රියව සිටින සංවිධායකවරුන්ගේ නාම ලේඛනයක් සහ අලුතෙන් සංවිධායකත්වය ඉල්ලා සිටින අයගේ ලැයිස්තුවක් මහලේකම් රංජිත් මෙහිදී ඉදිරිපත් කළේය. අක්‍රියව සිටින ආසන සංවිධායකවරුන් පළමුව පක්ෂ මූලස්ථානයට ගෙන්වා කරුණු විමසිය යුතු බව ද සාකච්ඡා කෙරිණි.
‘‘පසුගිය ඡන්ද ගත්තොත් මුස්ලිම් ඡන්ද ආණ්ඩුව පැත්තට ගලාගෙන යාම වැඩිවෙලා තියෙනවා. ඒ නිසා ඒ අය ආපසු අපිට හරව ගන්න නම් මුස්ලිම් සංවිධායකවරු දිස්ත්‍රික්කයකට අවම වශයෙන් එක්කෙනෙක්වත් ඇතුළත් වෙන්න ඕනෑ... සමහර දිස්ත්‍රික්කවල මුස්ලිම් සංවිධායකවරු නෑ... අපි එහෙම කරල පෙන්නන්න ඕනෑ අපි මුස්ලිම් අයත් එක්ක ඉන්නවා කියලා...’’ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කීවේය. ‘‘අලුත් සංවිධායකවරුන් හුඟ දෙනෙක් කම්මැළි බව පේනවා... මහජන කාර්යාල පවත්වන්නේ නෑ...’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
‘‘අපි ඒ ගැන සැලකිලිමත්ව බලන්න ඕනෑ... පළමුවෙනි පියවර හැටියට මේක කරමු...’’ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේය.
‘‘අපේ පක්ෂයේ බිම් මට්ටම බිඳ වැටිලා.. බිම් මට්ටමේ කිසිම නෙට්වර්ක් එකක් නෑ... ජනපතිවරණයට කලින් තිබුණ... ඒක දැන අතහැරදාලා. නෙට්වර්ක් එකක් නැතිව පක්ෂයක් දිනවන්න අමාරුයි... ඒ වගේම පක්ෂයට අලුත් මතවාදයකුත් ඕනෑ.. ගිය ඡන්දෙට අපි ගෙනියපු මතවාදය ජයග්‍රහණය කළේ නෑ... දැන් එක පැත්තකින් තියලා අලුතින් එන තත්ත්වයට මුහුණ දෙන්න ඕනෑ... මාලිමාව මහජන නියෝජිතයො ගැන වයිරයක් ඇති කෙරෙව්වා. එයාලා බොරු කියලා හරි ජයග්‍රහණය කළා. එයාලා කරන් නෑ කියපු හොරකම් ගැන දැන් එළියට එනවා... ගල් අඟුරු සිද්ධිය වංචාවක්නෙ... බාල බෙහෙත් ගැන කෙහෙලියට චෝදනා කරලා සිරගත කළා. එතකොට දැන් ගල් අඟුරු බාලයි... දඩ ගහල විතරක් මදි... දේශපාලකයෝ වග කියන්න ඕනැ. මේක ලොකු සිද්ධියක්. අපි මේ ගැන ලොකු මතයක් හදන්න ඕනෑ’’ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කියා සිටියේය. මෙම සියලු යෝජනා ගැන වාර්තාවක් පක්ෂ නායකයා වෙත ඉදිරිපත් කිරීමට එහිදී තීරණය විය.
නාමල් ඉන්දියාවේ
ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ඉන්දීය ජනරජ දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දියාවට ගිය නාමල් රාජපක්ෂ පසුගිය ඉරිදා සිට බදාදා රාත්‍රී වන තෙක්ම සිටියේ ඉන්දියාවේය. ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරල, මිලින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ නියෝජිත පිරිසක්ද චමින්ද්‍රානි කිරිඇල්ල, චිත්‍රාල් ප්‍රනාන්දු, ප්‍රසාද් සිරිවර්ධන සහ චතුර ගලප්පත්ති සජබය වෙනුවෙන්ද එම චාරිකාවට එක්ව සිටියහ.
ඉන්දිය චාරිකාවට පෙර නාමල් ප්‍රමුඛ දූත පිරිසට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජාවිසින් විශේෂ නිල හමුවීමක් සූදානම් කර තිබිණි. ‘‘&ඔබතුමාල දන්නවද ඒ ප්‍රාන්තයේ භාෂාව වන ඔඩිසා භාෂාවයි, සිංහල භාෂාවයි අතර ලොකු සමානකම් තිබෙනවා. ඔඩිසා අපේ රටේ විශේෂිතම ප්‍රාන්තයක්. ඉන්දියානු ජනාධිපතිතුමියත් ඔඩිසා ප්‍රාන්තයේ කෙනෙක්. මේ ගමන ඔබටත් මේ තරුණ දේශපාලන නායකයන්ටත් වැදගත් අත්දැකීමක් වේවි.* මහකොමසාරිස් ‘ජා’ සඳහන් කළේය.
ඔඩිසා ප්‍රාන්තයේ බ්‍රගනේෂ්වර්හි පැවැති ජනරජ දින සැමරුම අභිමානවත් අයුරින් සංවිධානය කර තිබිණි. ‘‘අපේ අනාගතය රඳාපවතින්නේ කලාපීය සහයෝගීතාව අභියෝගවල ඔරොත්තු දීම හා තරුණ නායකත්වය මතයි’’ නාමල් රාජපක්ෂ තම කතාවේදී කීය. ඊට පසුදා නාමල් කර්නාටක ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති සිද්ධරාමයියා හමුවුණේ ඔහුගෙන් ආ දුරකථන ඇමතුමකින් පසුවය. මහ ඇමැතිවරයා නාමල්ට ඔහුගේ නිල නිවසට ආරාධනා කළේය.
‘‘හෙට අපේ ප්‍රාන්ත සභාවේ උණුසුම් දවසක්. ටිකක් වැඩ වැඩියි. උදේම මගේ නිල නිවසට එන්න.’’ මහ ඇමැතිවරයා කීවේය.
නාමල් පසුදා බැංගලෝර් නුවර පිහිටි කාවේරි රෙසිඩන්ස් හෙවත් මහ ඇමැති නිල නිවසට ගියේය. ‘‘ඔබතුමාගේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය ගැන මම ගොඩක් උනන්දුවෙන් අධ්‍යයනය කළා. මම කැමතියි ඒ අත්දැකීම ලංකාව සමග බෙදාගන්න වැඩ සටහනක් හදන්න...’’ නාමල් කීවේය. ‘‘අපිට පුළුවන් ඒ කටයුත්ත.
ඔබගේ පියතුමාගෙ කාලෙ ඉඳලම අපි සමීපව වැඩ කළා...’’ මහ ඇමැති සිද්ධරාමයියා කීවේය.
‘‘මම අපේ නියෝජිතයන් පිරිසක් එවන්නම්....’’ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේය.
‘‘අපි ඔබතුමාට උදේ කෑම ලෑස්ති කළා...’’ එසේ කී මහ ඇමැතිවරයා නාමල්ට කෑම මේසයේදී දෙතුන් වරක්ම කෑම බෙදුවේය. ඉන්දීය සම්ප්‍රදාය අනුව නිර්මාංශ ආහාර වේලක් නාමල්ට පිරිනැමුණි.
කරු - ජනපති කතාබහක
විශ්‍රාමිකව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ඉදිරිපත් කරන පනත් කෙටුම්පතට එරෙහිව පැනවූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට යොමුකර ඇත. එම තීන්දුව එළඹෙන සතියේදී කතානායකවරයා විසින් නිවේදනය කරනු ලැබීමට නියමිතය.
හිටපු කතානායක කරු ජයසූරිය මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳව යළි සලකා බලන්නැයි ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඉකුත්දා ලිපියක්ද යොමු කළේ හිටපු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විශ්‍රාම වැටුපෙන් ජීවත්වන බවත් එම වැටුප නොමැති වුවහොත් ඔවුන් ඉතා දුෂ්කර තත්ත්වයකට වැටෙනු ඇති බවත් දන්වමිනි. මේ අතර තුර හිටපු කතානායක කරුට ජනාධිපති අනුර කුමාර දිසානායක මුණ ගැසුණේ පෞද්ගලික උත්සවයකදීය. හිටපු කතානායකවරයා එහිදී ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කළේය. ‘‘ජනාධිපතිතුමනි, රජයේ රැකියා කරල එම විශ්‍රාම වැටුප හැදෙන්න කලින් අස්වෙලා මන්ත්‍රී වූ අයත් ඉන්නවා. ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් හතළිහක් විතරක් ඉන්නවා. මේ වගේ අය ගොඩක් ඉන්නවා. ඔවුන්ට වෙන ආදායමක් නෑ ජීවත් වෙන්න. ඒකයි මෙතන ප්‍රශ්නෙ... ගොඩක් රටවල්වල හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ගෙවනවා.’’ කරු ජයසූරිය කීවේය. ‘‘දුෂ්කර අයත් ඉන්නවා කියලා මමත් පිළිගන්නවා. ඒත් අපි පනත ගෙනාවනේ. උසාවි තීන්දු වෙන් තමයි ඉතිරි ටික කෙරෙන්න තියෙන්නෙ. තීන්දුව දැන් කතානායකතුමාට ඇවිත්’’ ජනාධිපතිවරයා පැවසීය.
‘‘අනාගතයේ අලුත් ව්‍යවස්ථාවක් හදනවනම් සියලු පක්ෂ කැඳවල මේ ගැන සාකච්ඡා කරන්න...’’ කරු තවදුරටත් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා පැවසුවේ ඒ ගැන අවධානය යොමු කරන බවය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය පිළිබඳ ආයතනය එම විෂයය පිළිබඳව පැවැත්වූ වැඩමුළුවක් ඉකුත් කාලයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙන පැවැත් වුණු අතර හිටපු කතානායක කරු ජයසූරිය එම කටයුත්තට ක්‍රියාකාරීව සහභාගී විය.
ආණ්ඩුව – විපක්ෂය බෙදුණු චමින්දගේ වැඩ තහනම
පාර්ලිමේන්තුවේ දෙවැනි ඉහළ පුටුව වන නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යාල මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම හේතුවෙන් ඉකුත් සතියේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දෙකට බෙදුණේය. මෙම වැඩ තහනම් කිරීම සිදු වූයේ කුලරත්න එම තනතුරට පත්වීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරමිනි. එම තනතුරට පත්වීමට පෙර ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනපති අගමැති හා විපක්ෂ නායකව සිටිය දී ඔහුගේ අතිරේක ලේකම්වරයකු ලෙස ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අතිරේක ලේකම්වරයකු ලෙසද සේවය කර ඇත. මෙම වැඩ තහනම සිදු වූයේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක සභාව මගිනි.
මෙම උපදේශක සභාවේ ප්‍රධානියා වන්නේ කතානායකවරයාය. විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ද මෙම සභාව නියෝජනය කරති. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය අනිල් ජයන්ත යන දෙදෙනාම සඳහන් කර ඇත්තේ චමින්ද කුලරත්නට ද කරුණු දැක්වීමට අවස්ථාවක් දෙන ලෙසය. ඔහුට එවැනි අවස්ථාවක් නොදී යම් කිසි පලිගැනීමක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර ඇතැයි විපක්ෂය කියයි. ‘‘අනෙක් පාර්ශ්වයටත් සවන් දෙන්න ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිලධාරීන්ට දඬුවම් කිරීමට පෙර ඔවුන්ට සවන් දෙනු ලැබේ. නියෝජ්‍ය මහ ලේකම්ගෙන් එවැනි කරුණු විමසීමක් නොකර වැඩ තහනම් කිරීම මගින් කතානායකවරයා ඉතා භයානක පූර්වාදර්ශයක් සපයයි. තමා මේ ගැන දැඩි විරෝධය පළ කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. එළඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වන සතියක් බැවින් එහිදී මෙම ප්‍රශ්නය තදබල ලෙස මතු කිරීමට විපක්ෂය සූදානම්ව සිටියි.
චමින්ද කුලරත්නගේ වැඩ තහනම
මෙම වැඩ තහනම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පවසන්නේ ඔහුගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයට අදාළව ඉකුත් අගෝස්තු මාසයේ ඒක පුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කළ බවත් කතානායක ඇතුළු උපදේශක සභාව කටයුතු කර ඇත්තේ එම කමිටුවේ නිර්දේශ අනුව බවත්ය. රජය පවසන්නේ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත් කළේ කතානායකරයා නොව පාර්ලිමේන්තු මහලේකම්වරිය බවය. ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය නිසා පැහැදීමට ලක්ව සිටින ජනතාව අතරේ ආණ්ඩුවේ අනෙකුත් ප්‍රධාන චරිත ඉලක්ක කර විපක්ෂය දේශපාලන ප්‍රහාරයක් දියත් කර ඇති බව ආණ්ඩුව සඳහන් කරයි. කතානායකවරයාගේ පෞද්ගලික පළිගැනීමක් හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇතැයි විපක්ෂය කියද්දී ආණ්ඩුව කියන්නේ වැඩ තහනම සිදුකළේ කතානායකවරයා නොව මහලේකම්වරිය බවය. ඊට අමතරව චමින්ද කුලරත්න මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවල තනතුරු දරු ඔවුන්ගේ සුවච කීකරු නිලධාරියකු ලෙස කටයුතු කර ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඉකුත් සතියේ ඉඟි පළ කර තිබිණ. ඒ අනුව මෙම වැඩ තහනම දෙපාර්ශ්වයම තම තමන්ගේ කෝණයෙන් බලන අයුරක් පෙනී යයි. තමා මේ වැඩ තහනමට එරෙහිව අධිකරණයේ පිහිට පතන බවද කුලරත්න මහතා පවසා ඇත.
නියෝජ්‍ය මහලේකම් ගැන රනිල්ගේ පිලේ කතා
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නට එරෙහි චෝදනා ගැන රනිල් ඇතුළු පිරිස් සාකච්ඡා කළහ. මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී රනිල් කීවේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ඔය විදිහට ඉවත් කරන්නට කථානායකවරයාට බලයක් නැති බවය.
“එහෙම ඉවත් කරනවා නම් ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවා.එයා කලින් ආණ්ඩුවල පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වැඩ කරලා තියෙනවා.සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ ,විපක්ෂ නායක කාර්යාලයේ වැඩ කරන කෙනෙකුටත් ඒ වගේ තනතුරකට සලකා බලන්න පුළුවන්. එයා දෙපැත්තෙම උදවිය දන්නවනේ.පෞද්ගලික සම්බන්ධකම් වෙනයි.හැම වෙලේම විපක්ෂයේ ලේකම් සහ ආණ්ඩු පක්ෂයේ ලේකම් ආදී හැම දෙනෙක් එක්කම සම්බන්ධතා තියාගන්න ඕන.අපි ආණ්ඩු කරන කොට විපක්ෂ ලේකම්ලා මම හම්බවෙන්නත් එනවා.පාර්ලිමේන්තුවේ හැම එක්කෙනාටම මේ අයිතිය තියෙනවා.” රනිල් කීවේය.
මන්ත්‍රී කණ්ඩායමේ අදහස වූයේද බොහෝ තැන්වල රාජකාරි කර ඇසූ පිරෑ තැන් තිබෙන මෙවැනි රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීම ආණ්ඩුව වළ පල්ලට යන ගමන තවත් වේගවත් කරන ක්‍රියාවලියක් බවයි.
නොරොච්චෝලේ බලාගාර සංකීර්ණය තුළ මෙගාවොට් 300 බැගින් යුතු බලාගාර තුනක් ඇති අතර එම බලාගාර තුනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවේ දී මෙගාවොට් 810 ක විදුලි ජනනයක් සිදුවිය යුතු වුවත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් මේ වනවිට උපරිම වශයෙන් ජනනය කළ හැක්කේ මෙගාවොට් 715 ක් පමණක් බව කියති.
“මේ වැඩේ වෙන කිසිම ආණ්ඩුවක් නොකරපු එකක්.ඊළඟට පාර්ලිමේන්තු මහ ලේකම් වරියටත් වැඩේ දෙන්න යනවා කියලා ආරංචියි.ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයට පැලවත්තෙ උදවිය වාඩි කරන්න යන්නේ” මන්ත්‍රීවරැ කීහ.කොහොම වුණත් ලබන පාර්ලිමේන්තු සතියේදී මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරැ දැඩි විරෝධයක් පළ කරමින් කතා කරන්නට යන බව ආරංචි ය.
“ලෝකෙ හැම පාර්ලිමේන්තුවකම මේ වගේ වැඩවලට කථානායක ඇඟිලි ගහන්නෙ නෑ.ඒ වගේ කාර්යයන් කෙරෙන්නේ සෙකට්‍රි ජනරාල් මාර්ගයෙන්” රනිල් කීය.
“පාර්ලිමේන්තුව කියන ආයතනයේ ප්‍රධානියා පාර්ලිමේන්තු මහලේකම්. කථානායක කොහොමද ඔය වගේ දෙයක් කරන්නේ.තවත් උදාහරණයක් ගත්තොත් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය බඳවා ගන්නේ ජනාධිපති ලේකම්. එහෙම නැතුව ජනාධිපති නොවේ.ජනාධිපති කාර්යාලයේ සේවකයෙක් ඉවත් කරන්නේ නැතිනම් ජනාධිපතිට කරන්න පුළුවන් ලේකම් ඉවත් කිරීමයි.පාර්ලිමේන්තුවේත් වැඩ වෙන්නේ එහෙම තමයි. නමුත් මේ ක්‍රියාවලියේදී ඒ මූලික දේ උල්ලංඝනය වෙලා තියෙනවා. ඉතිහාසයේ කිසි කලෙක මේ වගේ දේවල් වෙලා නෑ රනිල් පැවසූයේ ඉතිහාසයේ අත්දැකීම්ද ගෙනහැර දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd