
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහක සහ 2021 බ්ලූ ප්ලැනට් (Blue Planet) ත්‍යාගලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාල ලෝක පූජිත ආධ්‍යාත්මික නායක ගුරුදෙව් ශ්‍රී රවි ශංකර් තුමා සහ වොක්හාර්ඩ් පදනමේ (Wockhardt Foundation) සභාපති ප්‍රකෝටිපති ධනපතියෙකු වන ඩොක්ටර් හුසෙයිෆා කොරාකිවාලා මහතා සමඟ 2026
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාල පසුගියදා ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ගුරුදෙව් ශ්‍රී රවි ශංකර් තුමාගේ ආශ්‍රමයේදී .ලෝක සාම සාධක ව්‍යාපාරය. ව්‍යාපාරය' (World Peacekeeper Movement) නිල වශයෙන් දියත් කිරීමට එක්වියග 2026 ජනවාරි 11 වන දින පැවැත්වුණු මෙම උත්සවය සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ආධ්‍යාත්මික නායකයින් සහ නොබෙල් ත්‍යාගලාභීන් රැසක් සහභාගී වූහ.
මෙම ව්‍යාපාරයේ මීළඟ තීරණාත්මක පියවර වන්නේ එළඹෙන අප්‍රේල් මස මුලදී ඩුබායි හි පැවැත්වීමට නියමිත .සාමය සඳහා වූ ප්‍රකෝටිපති සමුළුව. (Billionaires for Peace Conclave) වේ. ඒ සඳහා ලොව පුරා විසිරී සිටින නොබෙල් ත්‍යාගලාභීන්ල ආධ්‍යාත්මික නායකයින් සහ ප්‍රකෝටිපති ධනපතියන් (Billionaire Philanthropists) රැසක් සහභාගී වීමට නියමිත අතරල ඔවුන් සියලු දෙනා එක්ව ලෝක සාමය උදෙසා පොදු වැඩපිළිවෙළක් සකස් කරනු ඇත.
එහිදී සුවිශේෂී දේශනයක් පැවැත්වූ මහාචාර්ය මුණසිංහ මහතාල තමා විසින් 1992 රියෝ ද ජැනැයිරෝ එක්සත් ජාතීන්ගේ මිහිකත සමුළුවේදී ප්‍රථම වරට හඳුන්වා දුන් .තිරසාර සංවර්ධන ත්‍රිකෝණය. :ආර්ථිකල සමාජීය සහ පාරිසරික මානයන්හි සමතුලිතතාවය* වර්තමාන ලෝක සාමය උදෙසා තීරණාත්මක වන අයුරු පැහැදිලි කළේය.
BRICS+ රටවල් සහ බටහිර ලෝකය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික පරතරය අවම කරමින්ල ගැටුම්වලින් තොර සමෘද්ධිමත් ලෝකයක් බිහිකිරීමට එක්වන ලෙස හෙතෙම ගෝලීය සාම ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේයග විශේෂයෙන්මල න්‍යෂ්ටික අවි භාවිතය මගින් සිදුවිය හැකි තෙවන ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට වහාම පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය
මහාචාර්ය මුණසිංහ මහතා කොළඹ පිහිටි MIND සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයායිග මෙයට තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ පිළිගත් විශිෂ්ටතා මධ්‍යස්ථානයක් වන මුණසිංහ සංවර්ධන ආයතනය (MIND) සහ දත්ත විශ්ලේෂණය හා කළමනාකරණය පිළිබඳ විශේෂිත MINDAM ආයතනය ඇතුළත් වේග මීට අමතරව ඔහු දේශගුණික හා සංරක්ෂණ එකමුතුවේ (CCC) සභාපතිවරයා ලෙසත් යුරේකා (Eureka) සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි
චීනයේ පීකිං විශ්වවිද්‍යාලයේ විශිෂ්ට ආරාධිත මහාචාර්යවරයෙකු වන ඔහුල ර්‍ණතිරසාර ශ්‍රී ලංකා 2030 දැක්ම” වාර්තාව සකස් කළ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේයග 1992 Agenda 21 සහ UNFCCC සම්මුතිය 2015 පැරිස් දේශගුණික ගිවිසුම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වැනි ප්‍රධාන ගෝලීය එකඟතාවන් බිහිකිරීම සඳහා ඔහුගේ ශාස්ත්‍රීය මෙහෙවර විශාල දායකත්වයක් ලබා දී ඇත
මෙම සාම ව්‍යාපාරයේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ගුරුදෙව් ශ්‍රී රවි ශංකර් තුමාගේ 'Art of Living' . පදනම මේ වන විට රටවල් 180කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වෙමින් මිලියන සංඛ්‍යාත ජනතාවකට අභ්‍යන්තර සාමය උදාකර දෙයිග එසේම වොක්හාර්ඩ් පදනමේ (Wockhardt Foundation) සභාපති සහ ප්‍රකට සාම ක්‍රියාකාරිකයෙකු වන ඩොක්ටර් හුසෙයිෆා කොරාකිවාලා මහතා සිය "I Am Peacekeeper" , ව්‍යාපාරය හරහා ගෝලීය සාමය සහ මානුෂීය සේවය ප්‍රවර්ධනය කිරීමට මහාචාර්ය මුණසිංහ මහතා සමඟ අත්වැල් බැඳගෙන සිටීග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd