
දිට්වා සුළිකුණාටුව ඇති කළ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා ලෝක ආධාර සමුළුවක් කැඳවිය යුතු බව බොහෝ විද්වත්හු කියා සිටිති. එහෙත් ආණ්ඩුව තවමත් ඒ සඳහා සූදානමක් නොමැත.
- රජයේ ස්ථාවරය සහ මහපොළොවේ යථාර්ථය
ජනාධිපතිරයා පවසන්නේ මුදල් හිඟයක් නොමැති බවත්, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ප්‍රමාණවත් මුදල් පවතින බවත්ය. අගමැතිනිය මෙම ව්‍යසනය හේතුවෙන් ආණ්ඩුව තම ඉලක්ක සහ තීරණ කිසි සේත්ම වෙනස් නොකරන බව කියයි.
සමීක්ෂණවලින් සහ ක්ෂේත්‍රයට ගොස් ජනතාවගෙන් අප විමසූ විට ඔවුන් පවසන්නේ වෙනස් කතාවකි. මා ජීවත්වන දෙල්තොට, දොළුව, සරසවිගම අවට ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය සුළි කුණාටුවට පෙර පැවති තත්ත්වයට තවමත් ගොඩනැගී නොමැත.
- බොහෝ දෙනාට තම ජීවිත සහ නිවාස යථා තත්වයට පත් කර ගැනීමට ප්‍රමාණවත් මුදල් තවමත් ලැබී නොමැත.
- ආණ්ඩුව කිසිදු තක්සේරුවක් නොකර ලක්ෂ පහක් ලබා දෙන බව පැවසුව ද, මෙම ප්‍රදේශවල එලෙස මුදල් ලබා දුන් ස්ථාන හෝ පුද්ගලයන් සොයාගැනීමට නොහැක.
- වැඩිහිටි පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන් මෙන්ම කාන්තාවන්ගේ දෛනික ජීවිතය ඉතා කනගාටුදායක තත්ත්වයකට ඇද දමා ඇත.
- විපතට පත් ජනයා තම දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා තමන් සන්තකයේ ඇති රත්තරන් ආභරණ උකස් කරමින් හෝ වැඩි පොලියට මුදල් ලබාදෙන පුද්ගලයන්ගෙන් ණය ලබා ගනිමින් මුදල් සොයා ගැනීමට උත්සාහ කරති. මේ නිසා පුද්ගලයන්ගේ ණය ආතතිය ඉහළ යාමක් පෙන්නුම් කරයි.
- ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට උපකාර විය හැකි ආණ්ඩුවේ ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොපැවැත්වෙන අතර ඒ හේතුවෙන් තමන් රස්තියාදු වන බව ජනතාව ප්‍රකාශ කරති.
- ප්‍රතිගොඩනැගීමේ අභියෝග
ප්‍රතිගොඩනැගීම (Reconstruction) සිදු කිරීමේ ක්‍රියාවලියේ දී, පෙරට වඩා ස්වාභාවික උපද්‍රවයන්ට ඔරොත්තු දෙන (Resilient) නිවාස සහ එවැනි උපද්‍රවයන්ට ඔරොත්තු දිය හැකි මාර්ග අවශ්‍ය වේ. නමුත් දැනට සිදු කරනු ලබන ප්‍රතිගොඩනැගීමේ කටයුතුවල මෙය දක්නට නැත. ඉදිකරන මාර්ගවල පවා ගැටලු පවතින බව මාධ්‍ය මගින් වාර්තා වේ. මෙය නොසැලකිල්ලක් හෝ එම කටයුතු නිම කිරීමට ප්‍රමාණවත් මුදල් නොමැති වීමේ ප්‍රතිඵලයකි. මාගේ අදහස නම් මෙයට ප්‍රධාන හේතුව මුදල් හිඟය බවයි.
ලෝක බැංකුවේ ගණනය කිරීම් අනුව, අපගේ ආර්ථිකයට සිදුව ඇති සෘජු පාඩුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට4 ක් පමණ වන අතර එය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1 කි. සමහර විශ්ලේෂණවලට අනුව මෙම පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 6 -7ක් පමණ විය හැකිය.
උදාහරණයක් ලෙස, කොළඹ - මහනුවර - ඇල්ල දුම්රිය මාර්ගය නැවත සම්පූර්ණ කිරීමට තවත් වසරක් හෝ එකහමාරක් ගත වන බව ආණ්ඩුව පවසයි. එම කාලයෙහි සංචාරක ව්‍යාපාරයට සහ ඒ ආශ්‍රිත වක්‍ර රැකියාවලට සිදුවන බලපෑම් තවමත් ගණනය කර නොමැත. එබැවින්, මෙම වක්‍ර / ව්‍යංග පිරිවැය ද ඇතුළත් කළ හොත් මුළු ආර්ථික පාඩුව මීට වඩා වැඩි වේ.
මෙවැනි විශාල ප්‍රතිගොඩ නැගීමේ ක්‍රියාවලියකට අවශ්‍ය මුදල් ප්‍රමාණයේ හිඟයක් පවතින බව පැහැදිලි වේ. දැනට ඇති අනුමාන ඇස්තමේන්තු (guesstimates) වලට අනුව මෙම මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 7- 8 පමණ වේ. එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 7 කට සමාන වේ. එබැවින් පශ්චාත් ව්‍යසන ප්‍රතිගොඩනැගීමේ මුළු අගය අවම වශයෙන් ඩොලර් බිලියන 7- 8 ක් බව
පෙනී යයි.
- අයවැය ප්‍රතිපාදන පරතරය
2026 අයවැය ඇස්තමේන්තු සහ 2025 දී සම්මත කරගත් පරිපූරක අයවැය (Supplementary Budget) තුළ මෙම ව්‍යසනය සඳහා රුපියල් බිලියන 500 ක් වෙන් කිරීමට ආණ්ඩුව උත්සාහ දරයි. නමුත් එම මුදලින් මෙම ප්‍රතිගොඩනැගීම සම්පූර්ණ කළ නොහැක. ප්‍රතිගොඩනැගීමේ ක්‍රියාවලිය නිසි ලෙස ඉදිරියට ගෙන යාම ද අසීරු වේ.
ආණ්ඩුව රුපියල් බිලියන 500 න් 2026 වර්ෂයේ දී යටිතල පහසුකම් සඳහා රුපියල් බිලියන 250 ක්, විනාශ වූ නිවාස නැවත ගොඩනැගීම සඳහා රුපියල් බිලියන 100 ක්, කෘෂිකර්මය සහ අනෙකුත් කර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාර නැවත ගොඩනැගීම සඳහා රුපියල් බිලියන 150 ක් වියදම් කිරීමට අපේක්ෂා කරයි.
දැනටමත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපට ලැබී ඇති ආධාර ප්‍රමාණයක් සහ ලබාගෙන ඇති ණය ප්‍රමාණයක් පවති. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් අපට ලැබී ඇත. නමුත් මෙම මුදල් බහුලව ලැබී ඇත්තේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති (projects) හරහාය.
සජිත් ප්‍රේමදාස යෝජනා කරන්නේ, පශ්චාත් ආපදා ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමේ අරමුණින් ආධාර සමුළුවක් කැඳවිය යුතු බවය. 2025 දෙසැම්බර් 03 දින පාර්ලිමේන්තුව අමතමින් ප්‍රේමදාස මෙම කාරණයට පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කර ඇත. ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ ලෝක අත්දැකීම් සහ ස්වාභාවික ආපදා සමඟ ඇති වූ සංවර්ධන රටා පිළිබඳව සැලකිල්ලට ගනිමිනි.
ජාත්‍යන්තර ආධාර සමුළු පැවැත්වීම පිළිබඳව දකුණු ආසියාව ඇතුළු ලෝකයේ විවිධ රටවල අත්දැකීම් කෙටියෙන් විමසා බලමු. අපේ රටේ ද 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව මහනුවර දී ජාත්‍යන්තර ආධාර සමුළුවක් පැවැත්විණ. එහිදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක් පමණ ආධාර ලබා ගැනීමට අපේක්ෂා කළ ද, ඇත්ත වශයෙන්ම ලැබුණේ ඩොලර් බිලියන 1.1 කි. එයට විවිධ හේතු බලපා තිබූ අතර, එවැනි හේතු ඉවත් කර ගැනීමට අප කටයුතු කළ යුතුය.
- පකිස්ථානයෙන් උදාහරණයක්
2022 ඔක්තෝබර් මාසයේ දී පකිස්ථාන රජය, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී සංවිධාන සමග එරට මුහුණදුන් ගංවතුර උවදුරේ ආපදා පසු අවශ්‍යතා තක්සේරුවක් සිදු කළේය.
ඒ අනුව මුළු හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9 ක් ලෙසත්, එය පකිස්ථාන රුපියල් ට්‍රිලියන 3.91 කට සමාන බවත් ගණනය කෙරිණ. මුළු ආර්ථික පාඩුව ඩොලර් බිලියන 15.2 ක් (පකිස්ථාන රුපියල් ට්‍රිලියන 3.99) වූ අතර, ඒකාබද්ධ මුළු පාඩුව ඩොලර් බිලියන 30.1 විය. ප්‍රතිගොඩනැගීම සඳහා අවශ්‍ය මුදල ඩොලර් බිලියන 16.3 කි.
ආණ්ඩුව රුපියල් බිලියන 500 න් 2026 වර්ෂයේ දී යටිතල පහසුකම් සඳහා රුපියල් බිලියන 250 ක්, විනාශ වූ නිවාස නැවත ගොඩනැගීම සඳහා රුපියල් බිලියන 100 ක්, කෘෂිකර්මය සහ අනෙකුත් කර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාර නැවත ගොඩනැගීම සඳහා රුපියල් බිලියන 150 ක් වියදම් කිරීමට අපේක්ෂා කරයි. දැනටමත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපට ලැබී ඇති ආධාර ප්‍රමාණයක් සහ ලබාගෙන ඇති ණය ප්‍රමාණයක් පවති. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් අපට ලැබී ඇත.
ලෝක බැංකුව සහ පකිස්ථාන දේශගුණ විපර්යාස කවුන්සිලය විසින් සිදු කළ තවත් තක්සේරුවකට අනුව, මුළු හානිය සහ පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 40 ක් පමණ විය.
2022 ගංවතුර ව්‍යසනයෙන් පසුව පකිස්ථානය ජාත්‍යන්තර ආධාර සමුළුවක් පැවැත් වූ අතර, එහිදී ඇමෙරිකානු ඩොලර් බිලියන 10.98 ක ආධාර ලබා දීමට එකඟ විය. එයින් ඩොලර් බිලියන 10.44 ක් ණය වශයෙනි. ඩොලර් මිලියන 546 ක් ආධාර විය. 2025 අගෝස්තු වන විට ඇත්ත වශයෙන්ම ලැබී තිබුණේ ඩොලර් බිලියන 4.69 ක් පමණක් වන අතර එය මුළු පොරොන්දු මුදලින් සියයට 43 කි.
- ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම්
ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනයෙන් සහ පකිස්ථානය මුහුණ දුන් ගංවතුර ව්‍යසනයෙන් පසුව ජාත්‍යන්තර ආධාර සමුළු පැවැත් වූවත් එම සමුළු හරහා පොරොන්දු වූ මුදල් සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට දෙරටම අපොහොසත් විය. පොරොන්දුවලින් සියයට 90 ක් පමණ ව්‍යාපෘති ණය ලෙස ලැබී තිබුණි.
මේ නිසා ලෝක බැංකුව සිදු කළ ඇස්තමේන්තුවලට පමණක් සීමා නොවී, වක්‍ර වියදම් ද ඇතුළත් කරමින්, අපට අවශ්‍ය මුළු මුදල් ප්‍රමාණය පිළිබඳව වඩාත් ප්‍රවේශම් සහ සවිස්තරාත්මක ඇස්තමේන්තුවක් සකස් කළ යුතුය. ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තැබිය යුතු එම ඇස්තමේන්තුව කුමක් ද යන්න පිළිබඳව අප ආණ්ඩුවෙන් විමසිය යුතුය.
මෙම සියල්ල පිළිබඳව රට තුළ සවිස්තරාත්මක කතිකාවතක් ඇති කර ගනිමින්, සර්වපාක්ෂික එකඟතාවක් ගොඩනැගීමෙන් අනතුරුව, අප රටක් ලෙස අපේක්ෂා කරන මුළු ආධාර ප්‍රමාණය ජාත්‍යන්තර ආධාර සමුළුව ඉදිරියේ තැබිය යුතුය.
ලෝකයේ මෙවැනි ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දුන් රටවල් ජාත්‍යන්තර ආධාර සමුළු ඉදිරියේ ඉදිරිපත් කරන නිශ්චිත සැලසුම් රාමුවක් (frameworks) පවතින අතර එවැනි සැලසුම් රාමුවක් අප ද සකස් කළ යුතුය. එම සැලසුම් රාමුවේ ප්‍රධාන වශයෙන් නැවත මෙවැනි අර්බුදවලට ඔරොත්තු දීම (Resilience), පුනරුත්ථානය (Recovery), ප්‍රතිසංස්කරණය (Rehabilitation) සහ ප්‍රතිගොඩනැගීම (Reconstruction) යන අංග නිශ්චිතව ඇතුළත් විය යුතුය. ගෝලීය සහ දකුණු ආසියාතික අත්දැකීම්වලින් ප්‍රකාශ වන්නේ ද එයයි. ආණ්ඩුව මෙවැනි සැලැස්මක් සකස් කර තිබේ ද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැත.
- වගකීම් සහිත ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාව
මෙම බැරෑරුම් තත්ත්වයට ඉතාමත් වගකීමෙන් සහ විධිමත්ව මුහුණ දිය යුතු බව අපි ආණ්ඩුවට මතක් කර දෙමු. ඒ සඳහා විශ්වාසනීය හා ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය ලෝක අත්දැකීම් මගින් අපට කියා දෙන මූලික පාඩමකි.
ඒ අනුව, සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමට ආණ්ඩුව තීරණය කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එම සමුළුව හරහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් සංවිධානය කිරීමට අවශ්‍ය පදනම ගොඩනැගිය යුතුය. එම ජාත්‍යන්තර ආධාර සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය ආයතන මෙන්ම, ද්විපාර්ශ්වීය වශයෙන් අපට වැදගත් වන රටවලට ද ආරාධනා කළ යුතුය.

විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය මේ සඳහා සහභාගි කර ගත යුතුමය. අප මුහුණ දී ඇති මෙම බැරෑරුම් තත්වය අවබෝධ කර ගනිමින්, මෙම යෝජනාව විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කළ ද, ඔහු කියන ආකාරයට කටයුතු කළ හොත් එහි ගෞරවය හිමිවන්නේ කාට ද යන බොළඳ තර්කවලට නොගොස්, සියලු පාර්ශ්ව එක්කර ගනිමින්, හැකි ඉක්මනින් ජාත්‍යන්තර ආධාර සමුළුව පවත්වා රට ගොඩනැගීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස මෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd