විශිෂ්ටයින් ඇගයීම : (වම - දකුණ) ආලෝක ජයවර්ධන - ප‍්‍රධාන තොරතුරු නිලධාරී (SLIC Life), ඒ. එල්. ටී. එම්. ලියනගේ - දිවයිනේ විශිෂ්ටතම බැංකු රක්ෂණ අලෙවි නිලධාරි, ඒ. ජී. ආර්. අමියන්ගොඩ - දිවයිනේ විශිෂ්ටතම සමූහ කණ්ඩායම් නායක, කේ. ජී. ඒ. එස්. එල්. වීරසිංහ - දිවයිනේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ උපදේශක, නලින් සුබසිංහ - ප‍්‍රධාන විධායක නිලධාරී (SLIC Life), නුසිත් කුමාරතුංග - සභාපති (SLIC), දුෂ්මන්ත තොටවත්ත - අධ්‍යක්ෂ (SLIC Life), පී. සතියන් - දිවයිනේ විශිෂ්ටතම ප‍්‍රාදේශීය කළමනාකරු, ඒ. සුපේසන් - දිවයිනේ විශිෂ්ටතම ශාඛා කළමනාකරු, දයාරත්න පෙරේරා - ප‍්‍රධාන නිලධාරී (SLIC Life) සහ ජගත් වෙල්ගම - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජාතික විකුණුම් (SLIC Life).


ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හි වසරේ විශිෂ්ටතම උත්සවය වන Star Awards 2025 උළෙල පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. “Rise of the Legends” මෙම වසරේ තේමාව විය. 

 

“Rise of the Legends” තේමාව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හිි අලෙවි බලකායේ කැපී පෙනෙන දස්කම් සංකේතවත් කරමින්, ආයතනයේ සුවිශේෂී කඩයිම් පසුකරමින් තම නොසැලෙන අධිෂ්ඨානය, වෘත්තීයභාවය සහ විශිෂ්ටත්වය නිරන්තරයෙන් පෙන්නුම් කළ ජයග‍්‍රාහකයින් වෙනුවෙන් නිර්මාණය වූවකි. මෙම සම්මාන රාත‍්‍රිය ආයතනයේ වර්ධනය සහ අනාගතය හැඩගැස්වීමට දායක වූ ඔවුන්ට උපහාරයක් විය.

 

රක්ෂණ උපදේශක (Insurance Advisors), සමූහ නායක (Group Leaders),  ශාඛා කළමනාකරු (Branch Managers),  ප‍්‍රාදේශීය කළමනාකරු (Regional Managers), සහ බැංකු රක්ෂණ අංශය හරහා විශිෂ්ඨ දස්කම් දැක්වූ ජයග‍්‍රාහකයින් 300කට අධික සංඛ්‍යාවක් මෙහිදී ඇගයීමට ලක් විය. ඉහත සෑම කාණ්ඩයක් යටතේම ජයග‍්‍රාහකයින් සඳහා විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමිණි.

 

දිවයිනේ විශිෂ්ටතම ප‍්‍රාදේශීය කළමනාකරු පී. සාතියන් මහතා (උතුරු කලාපය), දිවයිනේ විශිෂ්ටතම ශාඛා කළමනාකරු ඒ. සුපේසන් මහතා (යාපනය ශාඛාව), දිවයිනේ විශිෂ්ටතම සමූහ කණ්ඩායම් නායක ඒ. ජී. ආර්. අමියන්ගොඩ මහතා (ගම්පහ), දිවයිනේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ උපදේශක කේ. ජී. ඒ. එස්. එල්. වීරසිංහ මහත්මිය (බත්තරමුල්ල) සහ  දිවයිනේ විශිෂ්ටතම බැංකු රක්ෂණ අලෙවි නිලධාරි (Best Bancassurance Relationship Manager) ඒ. එල්. ටී. එම්. ලියනගේ මහත්මිය, 2024 වසර පුරා ඔවුන්ගේ විශිෂ්ට ජයග‍්‍රහණ සහ කැපවීම වෙනුවෙන් මෙම උළෙලේ දී ඇගයීමට පාත‍්‍ර වන ලදී.   

 

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා, අධ්‍යයක්ෂ  මණ්ඩලය, ප‍්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ මහතා සහ ආයතනික කළමනාකාරීත්වය ඇතුළු 350 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම උත්සවයේදී ආයතනයේ විශිෂ්ඨත්වය සහ කැපවීම තවදුරටත් තහවුරු කරමින් Platinum Star Club සහ Platinum Club හි සාමාජිකයින්ට විශේෂ උපහාරයක්ද පිරිනැමිණි. 

 

Star Awards 2025 සම්මාන උළෙල ආශ්වාදයේ සහ අභිප්‍රේරණයේ නොමැකෙන සලකුණක් තබමින් අති උත්කර්ෂවත් අන්දමින් අවසන් විය. සම්මාන උළෙල විවිධ නර්තන සහ ගායන අංග වලින් විචිත‍්‍රවත් විය. එසේම  ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි විකුණුම් බලකාය තම ජයග‍්‍රහණයන්  සමරමින්  ඉදිරි වසර තුළ එම ජයග‍්‍රහණ අභිබවා යාමට අදිටන් කරගැනීමක් ද මෙම සම්මාන උළලේදී පිළිඹිබු විය. නොසැලෙන කැපවීමකින් යුතුව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අඛණ්ඩව තම ව්‍යාපාරික අරමුණු කරා යමින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදීම සහතික කරමින් කටයුතු කිරීමට බැඳී සිටී.