ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී, “Folds of Value” යන තේමාව සහිත, 2024 වසරේ සිය වාර්ෂික වාර්තාව සම්භාවනීය SAFA Best Presented Annual Report Awards 2024 උළෙලේදී ජීවිත රක්ෂණ අංශයේ රිදී සම්මානයෙන් ගෞරව ප්‍රණාමයට පාත්‍රව ඇති බව ප්‍රකාශයට පත් කරන්නේ මහත් අභිමානයෙනි. දකුණු ආසියානු ගණකාධිකාරී සමුළුව (SAFA) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මඟින් දකුණු ආසියා කලාපය තුළ මූල්‍යමය වාර්තාකරණය, ඒකාබද්ධ වාර්තාකරණය, සහ ආයතනික පාලනය සම්බන්ධයෙන් පළ කරනු ලබන විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙයි.
දකුණු ආසියානු ගණකාධිකාරී සමුළුව යනු දකුණු ආසියාව තුළ ගණකාධිකාරී වෘත්තිය ඉහළ නැංවීම සඳහා කැප වූ කලාපීය එකමුතුවකි. එහි අරමුණ වන්නේ මූල්‍යමය වාර්තාකරණය සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගකීම් සහගතභාවය ප්‍රවර්ධනය කරන අතරම ගිණුම්කරණය, විගණනය, සහ සදාචාරාත්මක ප්‍රමිතීන් සුසංයෝග කිරීමය. වෘත්තීය ගිණුම්කරණ ආයතන සඳහා වන සහයෝගිත්ව එකමුතුවක් වන SAFA මඟින් ආයතනික පාලනය සහ ඒකාබද්ධ වාර්තාකරණය සවිමත් කරන නව වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. විශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා සඳහා වන සම්මාන උළෙල ඔස්සේ මූල්‍යමය සන්නිවේදන කටයුතු සම්බන්ධ ගුණාත්මකභාවය සහ ඒකාග්‍රතාව උදෙසා මිනුම්දඬු සැකසීමේදී විනිවිදභාවය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම, සහ හවුල්කාරිත්ව සබඳතාව යන කරුණුවලදී විශිෂ්ටත්වය පළ කරන ආයතන ගෞරව ප්‍රණාමයට පාත්‍ර කිරීමට මෙම සමුළුව කටයුතු කරයි.
පාකිස්තානයේ, ඉස්ලාමාබාද් නුවර පැවැති මෙම වසරේ සම්මාන උළෙලට පාලනය සහ වාර්තාකරණය සම්බන්ධයෙන් පළ කළ විශිෂ්ටත්වය සැමරීම සඳහා මුල් පෙළේ ආයතන සහ කලාපීය නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. ජීවිත රක්ෂණ අංශයේ රිදී සම්මානයෙන් යූනියන් ඇෂුවරන්ස් පිදුම් ලැබූ අතර, ශ්‍රී ලාංකික සමාගමක් විසින් මෙම අංශය තුළ හිමිකර ගන්නා ලද ඉහළම ඇගයීම ලෙස එය සැලකෙයි. මෙම ඇගයීම මඟින් විදහා දැක්වෙන්නේ ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ විශිෂ්ටතම ගෝලීය ක්‍රමවේදවලට අනුකූල ගුණාත්මක බවින් යුතු මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා සමාගම දක්වන කැපවීමය.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 දෙසැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 36.5ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 77.5ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,300කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd