තිඹිරියාගම බණ්ඩාර
හිටපු අමාත්‍යවරයකු, ආණ්ඩුකාරවරයකු, ලේඛකයකු, පර්‌යේෂකයකු හා වෛද්‍යවරයකු වූ මහාචාර්ය තිස්ස විතාරණ (අවුරුදු 91ක්) පසුගිය සිකුරාදා (13) උදෑසන අභාවප්‍රාප්ත විය.
1934 වසරේ නුවරඑළියේ දී උපත ලද ඔහු මහනුවර ට්‍රිනිටි විද්‍යාලය හා කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසුව කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව එම්බීබීඑස් උපාධිය ලැබීය. පශ්චාත් උපාධිය ලැබීමෙන් පසු ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙහි ක්ෂුද්‍රජීව විද්‍යා විෂයෙහි මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ විශේෂඥයකු වූ ඔහු ක්ෂුදු ජීව විද්‍යා විෂයෙහි පර්යේෂණ පවත්වා ඇත.
1974 දී ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වූ උපාලි තිස්ස විතාරණ ඉන්පසු කාලයේ ශ්‍රී ලංකා නිදහස් පකෂය සහ පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වී තාක්ෂණ අමාත්‍ය, තාක්ෂණ පර්‌යේෂණ අමාත්‍ය සහ විද්‍යා කටයුතු අමාත්‍ය ධුර හොබවා ඇත. උතුරුමැද ආණ්ඩුකාර තනතුර ද හොබවා ඇති ඔහු 2010දී විද්‍යාජෝති සම්මානයෙන් පිදුම් ලැබී ය.
කමණී මීදෙණියගේ සැමියා වූ ඔහු එක් දරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd