පාස්කු ප්‍රහාරයේ විමර්ශන නතර කර නැතත්, විමර්ශනවල යම් ප්‍රමාදයක් දක්නට ලැබෙන බව කොළඹ අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී පියනම පවසති. මෙම විමර්ශන කටයුතු නව ආකාරයකින් ක්‍රියාත්මක වුවද, ඇතැම් තැන්වල යම් ප්‍රමාද දක්නට ලැබෙන බවද සඳහන් කරති.
එසේ පමා වී ඇත්තේ කොතනින්ද යන්න සොයා බලන බව පියතුමෝ පැවසූහ. පාස්කු ප්‍රහාරයට වසර හතක් ගතවීමට තවත් ඇත්තේ මාස දෙකක පමණ කාලයක් වන අතර තවමත් මහ මොළකරු සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම් අසමත් වී තිබේ.
ප්‍රමාද වී ඇති විමර්ශන කටයුතු කඩිනම් කර වහාම වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස සිරිල් ගාමිණී පියතුමා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කිසි විටකත් නැවතී නැති අතර විමර්ශන කටයුතු ප්‍රමාද වීමක් දක්නට ලැබෙන බව පියතුමා සඳහන් කළේය.
2026.02.08 දින “යළි ඇරඹූ පාස්කු විමර්ශන නැවතිලා - අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියනමගෙන් චෝදනා” යන හිසින් යුතුව අප පුවත්පතේ මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තියෙහි ශීර්ෂ පාඨය ප්‍රමාද දෝෂයක් බව සටහන් කරමු.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd