සුජිත් හේවාජුලිගේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සිරවී ඇති මැති ඇමතිවරුන් ඇතුළු රජයේ ප්‍රධානීන්ට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරවා ගැනීම සඳහා අධිකරණයට යෑමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
මේ අනුව මෙම පරීක්ෂණ ඉක්මන් කරන ලෙස අභියාචනාධිකරණයෙන් රිට් ආඥා ගැනීමට ඉදිරි දිනවල කටයුතු කෙරෙනු ඇත. මැති ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ නොකෙරුණු එවැනි අල්ලස් පැමිණිලි නවයක් පමණ පවතින බව වාර්තා වේ. ඉන් හයක්ම ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව ඉදිරිපත් වුණු ඒවා බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය ගැන ඉහළින් කතා කරන්නේ නම් එම පරීක්ෂණ ඉක්මන් කිරීම වගකිවයුතු අංශවල කාර්යය බවයි.
ඇතැම් ඇමතිවරුන්ට විරුද්ධව අධිකරණයෙන් පැහැදිලි තීන්දු දුන් සිද්ධීන් සම්බන්ධයෙන් පවා මෙතෙක් නිසියාකාරව විමර්ශන ආරම්භ වී නැතැයි ඔහු පෙන්වා දුන්නේය.
එසේම විමර්ශන සිරවී ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රධානීන්ට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ළඟදීම අනාවරණයක් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd