ගයාන් සූරියආරච්චි
මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම බස් රථවල ධාවන බලපත්‍රය අවලංගු කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරමින් පවතින බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පැවසීය.
ඉකුත් 2024 වසරේ මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් 98 ක් සහ 2025 වසරේ 494 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම වසරේ මේ දක්වා රියැදුරන් 1780 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ජාතික ගමනාගමන කොමිසම, ප්‍රවාහන අමාත්‍යාංශය සහ රථ වාහන පොලිසිය එක්ව මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන අතර ඉකුත්දා පිළියන්දල ප්‍රදේශයේ දී ද මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කළ රියැදුරන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙවැනි රියැදුරන් නිසා මගී ජනතාව සහ පදිකයන් විශාල ජීවිත අවදානමකට මුහුණ දෙන බවත් පසුගිය කාලයේ සිදු වූ බස් රථ අනතුරු හේතුවෙන් විශාල මගීන් සංඛ්‍යාවක් මියගොස් ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි දිවයින පුරා 5000 කට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා බස් රථ රියදුරන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම් සිදුකරමින් පවතින බවත් මත්ද්‍රව්‍ය භාවිත කර අත්අඩංගුවට ගන්නා ලද බස් රථ රියැදුරන් පුනරුත්ථාපනය කිරීම සඳහා යෙදවීමට ද කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd