
ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය වසා පවතින හුදු ආකර්ෂණීය වෙළඳ දැන්වීම්, දැවන්ත ප්‍රචාරක පුවරු හා වෛවාරණ පත්‍රිකාවන්ගෙන් කොළඹ සුඛෝපභෝගී නිවාස අලෙවි කිරීම 2026 වනවිට යල්පැනගිය ප්‍රයත්නයක් බවට පත්ව තිබේ. 2018 සහ 2023 අතර කාලය තුළ කොළඹ ප්‍රධාන ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ (CBD) දේපළ මිල ගණන් 48% කින් පමණ ඉහළ යාම පෙන්වාදෙන්නේ 2026 වසරේදී බුද්ධිමත් ආයෝජකයෙකු දේපළක් මිලදී ගැනීමේදී පළමුව සොයා බලන්නේ එහි ඇති බාහිර ඔපය පිළිබඳව පමණක් නොව, තම ආයෝජනයට උපරිම ආරක්ෂාව සහ වටිනාකම ලබාදෙන නිවැරදි තේරීමක්ද යන්නයි. ඔබත් අවම අවදානමක් සහිතව කොළඹ අහස සිපගන්නා නිවසක හිමිකරුවෙකු වීමට බලාපොරොත්තු වන්නේ නම්, අනුගමනය කළ යුතු ආරක්ෂාකාරී පියවර කිහිපයක් මෙන්න.
අවසාන අදියරේ පවතින ඉදිකිරීම් ව්‍යාපෘතිවල වටිනාකම
ඉදිකිරීම් අතරමග නැවතුණු ව්‍යාපෘති ගැන ඔබ ඕනෑතරම් අසා ඇති. ඒ නිසාම හිස් භූමියක ඉදිකිරීමට යෝජිත ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට දැන් බුද්ධිමත්, අත්දැකීම් බහුල ආයෝජකයන් මැළිවන බවක් දැකගත හැකිය. දැනටමත් ඉදිකිරීම් අවසන් වෙමින් පවතින (Near-complete) ව්‍යාපෘතියක් තෝරා ගැනීම වඩාත් බුද්ධිමත් පියවරකි. ඔබට ගොඩනැගිල්ලේ වහලය පෙනෙන්නට තිබේ නම්, ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභයද (ROI) පැහැදිලිව පෙනෙනු ඇත. අවසාන අදියරේ නිමවීමට ආසන්න ව්‍යාපෘති මගින් අනපේක්ෂිත ප්‍රමාද වීම් සහ උද්ධමනය නිසා ඇතිවන මිල ඉහළ යාම්වලින් ඔබට ආරක්ෂාව සැලසේ. එමෙන්ම ඔබට හිමිවන්නේ පොරොන්දු පමණක් නොව, නියමිත දිනට නිවස ලබාගැනීමේ නිශ්චිත විශ්වාසයයි.
දෑසින් දැක දෑතින් ස්පර්ශ කළ හැකි ගුණාත්මකභාවය
ත්‍රිමාණ ඩිජිටල් තාක්ෂණයෙන් කුඩා කාමරයක් පවා සුවිසල් මාලිගාවක් මෙන් පෙන්විය හැකිය. ප්‍රචාරණ දැන්වීම් හරහා විචිත්‍රවත් සුඛෝපභෝගීත්වයක් මැවිය හැකිය. නානකාමර උපකරණවල සිට මුළුතැන්ගෙයි නිමාව දක්වා වූ සෑම අඟලක්ම පරීක්ෂා කරමින් නිම කළ නිවාස ඒකකයක් තුළ ඇවිද යාමෙන් ඔබට එහි සැබෑ ස්වභාවය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත හැකිය. මෙය ආයෝජනයකදී සිදුවිය හැකි වැරදි තීරණ වළක්වා ගැනීමටත්, නිවස කුලියට දීමේදී හෝ නැවත විකිණීමේදී වැඩි වාසියක් ලබා ගැනීමටත් උපකාරී වේ. අති නවීන මහල් නිවාසවල මිල ගණන් 0.2% සිට 2.9% දක්වා ඉහළ යන වටපිටාවක, දේපළෙහි පවතින සැබෑ ගුණාත්මකභාවය එහි වටිනාකම අඩුවීමට එරෙහිව ඇති හොඳම ආරක්ෂාවයි.
ඉදිකිරීම් සමාගමේ විශ්වාසනීයත්වය
සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේදී එම ව්‍යාපෘතිය පසුපස සිටින සමාගම කුමක්දැයි සොයා බැලීමද ඉතා වැදගත් වේ. වෙළඳපොළේ ඇතැම් ඉදිකිරීම් සමාගම් එක් ව්‍යාපෘතියක මුදල් තවත් ව්‍යාපෘතියකට යොදවමින් එකවර ව්‍යාපෘති කිහිපයක නිරත වන අතර එය ඔබේ ආයෝජනය අනපේක්ෂිත අවදානමකට ලක් කරන්නක් වීමේ ඉඩකඩ වැඩිය. එවැනි අවස්ථාවකදී ඉදිකිරීම් ප්‍රමිතිය බාල වීමට හෝ ආයෝජකයාට පොරොන්දු වූ ඉදිකිරීම් නිම කිරීමේ කාලය ප්‍රමාද වීමට ඉඩ ඇත. කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත පොදු සමාගමක් (PLC) ලෙස ක්‍රියා කරන ඉදිකිරීම් සමාගම් දැඩි නියාමනයන්ට සහ විගණනයන්ට යටත් වේ. කලට වේලාවට වැඩ අවසන් කළ සාර්ථක ව්‍යාපෘති රැසක් මෙන්ම ගුණාත්මකභාවය පිළිබඳ කීර්තිමත් ඉතිහාසයක් ඇති, මූල්‍ය විනයකින් යුතුව කටයුතු කරන ආර්ථික වශයෙන් ස්ථාවර වූ සමාගමක් සැමවිටම තෝරාගන්න. මෙහිදී අරමුදල් කළමනාකරණය සිදුවන ආකාරය විනිවිදභාවයකින් යුක්ත වන බැවින් ඔබේ ආයෝජන වඩාත් සුරක්ෂිත වේ.
නීතිමය නිරවුල්භාවය හෙවත් නොපෙනෙන සුඛෝපභෝගීත්වය
නිවසක නීතිමය නිරවුල්භාවය නිවාස හිමියා සතු ඉහළම වටිනාකම මෙන්ම තම නිවසේ අයිතිය තහවුරු කරන පදනමයි. හුදෙක් පත් ඉරු පිරික්සීමක් කළ පමණින් නිවාස ඔප්පුවක් "පිරිසිදු ඔප්පුවක්" නොවේ, ඔබ මිලදී ගන්නා නිවසේ අවම වශයෙන් වසර 25-30 ක පත් ඉරු පරීක්ෂා කොට අතීත ඔප්පු වාර්තා, හිමිකම් පත් ලියාපදිංචි කිරීම් සමග මිනින්දෝරු පිඹුරු පත් ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂා කළ යුතුය. ඉදිකිරීමක නීත්‍යානුකූලබව තහවුරු වීමෙහිලා තවද අදාළ පළාත් පාලන ආයතනවලින් ලබාගත යුතු සියලුම නීතිමය අනුමැතීන් සහ සැලසුම් අනුමැතීන් ලබාගෙන තිබීම අත්‍යවශ්‍ය වේ. ප්‍රධාන පෙළේ බැංකු මගින් යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා ලබාදෙන අනුමැතිය යනු හුදු ලියකියවිල්ලක් නොව, එම ව්‍යාපෘතියේ ශක්තිමත්භාවය තහවුරු කරන්නකි. යම් ව්‍යාපෘතියකට බැංකු අනුමැතිය හිමිවී තිබීමෙන් අදහස් වන්නේ අදාල ඉදිකිරීම් සමාගම විසින් එම දේපළෙහි නීතිමය තත්ත්වය සහ ඔප්පු ඉතිහාසය පිළිබඳව දැනටමත් පුළුල් විමර්ශනයක් සිදුකර ඇති බවයි. යම් ඉදිකිරීමක නීතිමය වලංගුතාවයේ ගැටළු ඇත්නම් ආයෝජකයාට ඉදිරියේදී දේපළ ලියාපදිංචි කිරීමේ බාධා, ණය පහසුකම් ලබාගැනීමට නොහැකි වීම, දේපළ නැවත විකිණීමේදී මතුවන ගැටලු ආදිය අතරේ නීතිමය නිරවුල්බවක් හිමිකරගැනීමට අධික පිරිවැයක් හා අමතර කාලය ශ්‍රමය වැයකිරීමට සිදු වීම වැනි බරපතල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය හැකිය. පළපුරුදු වෘත්තීයවේදී ඉදිකිරීම් සමාගමක් ඉදිකිරීමට අදාල සියලුම රජයේ අනුමැතියන් සහ නීතිමය ක්‍රියාදාමයන් නිසි පරිදි ඉටු කරන බැවින් ඔබට කිසිවිටෙක අනවශ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදු නොවේ.
බුද්ධිමත් මූල්‍ය තීරණ
ඔබේ අතේ ඇති මුදල් සියල්ල එකවර වැය නොකර වටිනා දේපළක් හිමිකර ගැනීමට කැමතිද? සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක් නිම වීමට ආසන්න වන විට විශාල මුදලක් එකවර ගෙවීමට සිදුවීමෙන් ඇතිවන අපහසුතාවන්ගෙන් වැළකී සිටීමට ගොඩනැගිල්ල නිම වෙමින් පවතින අතරතුර ඔබේ මුදල් පොලී රහිත හෝ දීර්ඝ කාලීන ගෙවීමේ ක්‍රම හරහා කොටස් වශයෙන් ගෙවීම තෝරාගන්න. කොළඹ නගරයේ නිම වීමට ආසන්න ව්‍යාපෘති සඳහා මෙවැනි සහනදායී ගෙවීමේ ක්‍රම හමුවන්නේ ඉතා කලාතුරකින් වන අතර එය අත් නොහැරිය යුතු වටිනා ආයෝජන අවස්ථාවකි. මෙමගින් ඔබේ වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය මුදල් රඳවා ගනිමින්, අනෙකුත් ආයෝජන අවස්ථාවලටත් බාධාවක් නොවී සුඛෝපභෝගී දේපළක හිමිකරුවෙකු වීමට ඔබට අවස්ථාව ලැබේ.
සැබෑ සුඛෝපභෝගීත්වය යනු හුදෙක් මිල අධික බව නොව, විනිවිදභාවය, නිශ්චිතභාවය සහ විශ්වාසයයි. "කොළඹින් ගෙයක්" හිමිකරගැනීමේ අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමෙහිලා බුද්ධිමත් ආයෝජකයෙකු ලෙස ඔබ කළ යුත්තේ ආකර්ෂණීය ප්‍රචාරණ උපක්‍රමයන්ට හසු නොවී ඉදිකිරීම්වල ප්‍රගතිය, ඉදිකිරීම් සමාගමේ විශ්වාසනීයත්වය සහ ව්‍යාපෘතියේ නීතිමය නිරවුල්භාවය කෙරෙහි අවධානය යොමු කිරීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd