
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ව්‍යසනකාරී අවස්ථාවේ කිසිම දේශපාලන උවමනාවක් වෙනුවෙන් මිනිසුන්ගේ මනෝභාවයන් වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රීනී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙන්ම කොත්මලේ විපතට පත් ජනතාව පිළිබඳව සිහි කරමින් ඇය මෙහිදී හැඬුම්බරව කතා කළාය.
"මහ පොළොවට බරක් නැති මහ පොළොව සමග අති විශාල කාර්යභාරයක් කළ අපේ අහිංසක මිනිස්සු විශාල ප්‍රමාණයක් මේ ස්වභාවික ව්‍යසනය නිසා ජීවිත පරිත්‍යාග කර තිබෙනවා.නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත සහ නුවරඑළිය ආසනයේ අති විශාල පිරිසක් අවතැන් වී සිටිනවා.රජයක් ලෙස ඔවුන් සියලු දෙනා බලාගන්න ගන්න අප සූදානම්.කොත්මලේ නැගෙනහිර කලාපය ඉතිහාසයේ දැවැන්තම ව්‍යසනයකට මුහුණ දී සිටිනවා.ඔවුන්ගේ ජීවිත ඉතාමත් අඩියට වැටිලා.අප සියලු දෙනා එකතු වී ඔවුන් නගා සිටුවිය යුතුයි.ඇතැම් අය කොත්මලේ මිනිස්සුන්ගේ ව්‍යාකූල මානසිකත්වය තව තව ව්‍යාකූල කරනවා. ඒක කරන්න එපා.යනුවෙන්ද ඇය කීවාය.
2025 දෙසැම්බර් මස 04
215
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
384
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නුවරඑළිය මන්ත්‍රිනිය පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි
කෞෂි Friday, 05 December 2025 06:28 PM
වෙන මොනවා කරන්න බැරි වුණත් හොටු පෙරාගෙන අඬලා රඟපාන්න නම් දක්ෂයි. කතානායක ඇඬුවා, හිච්චි අබේ ඇඬුවා, අනුර කොච්චරවත් කෙඳිරි ගානවා. ඕවාට ජනතාව අන්දන්න බෑ හලෝ. වැඩ කරලා පෙන්වන්න...
ගමේ එකාලාFriday, 05 December 2025 09:27 PM
දූෂිත පව්ල් පාලනේ අය, දූෂිත දේශපාලුවෝ හිටියා නම් සුනාමියෙන් වගේ. ගසාකන හැටි බලන්න තිබුණා. ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාවගේ රීරි මාන්ස පවා හූරාගෙන කෑවා. ජනතාවාදී අදූෂිත නායකයෙක් ඉන්නා නිසා, ලෝකෙම අපිට උදව්කරන විදිය දැක්කාම වහලුන්ට කුහකයින්ට දරාගෙන ඉන්න බැරුවා
රටට ආදරේ එකෙක්.Saturday, 06 December 2025 07:35 AM
කාලගුණයෙන් කියද්දීත් මිනිස්සු මැරෙන්න දීලා ඔහේ බලන් ඉදපු අය. දේශපාලන පරිණත භාවයක් නෑ කිසිම.
රටට ආදරේ එකෙක්Saturday, 06 December 2025 07:36 AM
සහතික ඇත්ත. ඒක නම් නියමෙට කියලා.
ඇන්ටන් Saturday, 06 December 2025 09:41 AM
හඬාවැටෙන්නේ වෙනකවුරුත් නොවෙයි විපක්ෂයේ අය මේ ලැබෙන ආධාරවලින් හොරාකන්න බැරි නිසා...
සෙනෙවිරත්න Friday, 05 December 2025 07:57 PM
කෞෂි, අඩන්නේ විපක්ෂයේ අය, රජය වැඩ කරනවා, හම්පඩ චැනල් බලන අයට නම් පේන්නේ ඇදේට තමයි, වෙන කවදාවත් නැති විදියට මේ ව්‍යසනය කළමනාකරණය වෙනවා... හොරාකාපු අයට නම් ඇඩෙනවා.
Nandana Friday, 05 December 2025 08:46 PM
අඩන්න එපා... තියෙන දේපලවලින් පුළුවන් භාගයක් දෙන්න...ඊට පස්සේ කැමැතිනම් අඩන්න.
රනේ Friday, 05 December 2025 09:33 PM
වැඩ කටයුතු කරනවා හැබැයි හිරුට හොරෙන් වගේම දෙරනට නොදැනෙන්න.
Ruchira jayasundara Friday, 05 December 2025 10:03 PM
නුවරඑළිය අපජාල හා වර්ෂා ජලය ගාලා යාමට විදිමත් පද්ධතියක් හදන්න. විදෙස් රටවල් වල ඉන්ජිනේරුවන්ගේ සහාය ගන්න.
දයාන් කන්නන්ගර Saturday, 06 December 2025 03:08 PM
විපක්ෂය සහ ද්‍රෝහී බලවේග කවදාවත් හිතුවේ නැහැ. මේ රජය මේ විපත්ති වලට මුහුණ දුන් ජනතාවට මේතරම් සහන ලබාදේවි කියලා.. රජය හැකි උපරිම සහන ලබාදෙනවා... මේක රාජපක්ෂ ජඩයින් හපයක් කරපු රටක්.. මේ තරමින් හෝ මෙසේ ජනතාව වෙනුවෙන් බැලීමට හැකියාවක් නැතුව මෙහෙම කිරීම ප්‍රාතිහාර්යක්... දැන් තියෙන්නේ හොරු නැති ආණ්ඩුවක්...