
කෘත්‍රිම බුද්ධි පරිගණක චිප් නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන එන්විඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට යළිත් වරක් ජෙන්සන් හුවාන්ග් පත් කිරීමට එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ඊයේ (23) තීරණය කළේය.
ජෙන්සන් හුවාන්ග් යළිත් වරක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස යළි පත් කර ඇති බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග, අද (24) උදෑසන සිටම ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල ගනුදෙනු ඉහළ යාමට පටන් ගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එන්විඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට යළිත් වරක් ජෙන්සන් හුවාන්ග් පත් කිරීම සම්බන්ධයෙන් එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡා කළේ තමන් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සමග තමන්ට එකඟතාවක් ඇති කර ගැනීමට හැකි වුණු බවත්, ඒ අනුව යළිත් වරක් ජෙන්සන් හුවාන්ග් එම ධුරයට පත් කෙරෙන බවත් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත. ජෙන්සන් හුවාන්ග් යනු සුවිශේෂී අතිදක්ෂ චරිතයක් බවත්, ඔහු සතු සුවිශේෂී දක්ෂතා ආරක්ෂා කර ගත යුතු බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත. ජෙන්සන් හුවාන්ග් සහ ට්‍රම්ප් අතර සමීප මිත්‍රත්වයක් පවතී.
එන්විඩියා සමාගම ජෙන්සන් හුවාන්ග්ට යළි අවස්ථාවක් ලබා නොදුන්නේ නම්, චීනය මැදිහත් වී ජෙන්සන් හුවාන්ග්, හුවාවි හෝ වෙනත් ප්රමුඛ පෙළේ චීන තාක්ෂණික සමාගමක මුල් පුටුවට පත් කර ගැනීමට ඉඩ තිබුණු බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
ජෙන්සන් හුවාන්ග්ට යළි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කිරීමට යෝජනා කිරීමට පෙර තමන් රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් පමණක් නොව, බුද්ධි ප්‍රධානීන්ගෙන් ද අදහස් ලබා ගත් බව ද ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර ඇත. ජෙන්සන් හුවාන්ග්ගෙන් ජාතික ආරක්ෂාවට කිසිදු අවදානමක් එල්ල නොවන බවට තමන් විශ්වාස කරන බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.
චීන ඔත්තුකාරියක යැයි සැක කෙරෙන ළාබාල යුවතියක සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය අතර, ඇමෙරිකානු බුද්ධි අංශයට ඒ බව අනාවරණය වීමත් සමග ජෙන්සන් හුවාන්ග් අපකීර්තියට පත් විය. ඔහු සිය බිරිඳගෙන් සහ දරුවන්ගෙන් පමණක් නොව, එන්විඩියා සමාගමේ සියලු දෙනාගෙන්ම ඒ ගැන සමාව ඉල්ලා සිටි අතර, ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉල්ලා අස්විය.
එන්විඩියා යනු ජෙන්සන් හුවාන්ග් විසින් පිහිටුවූ තාක්ෂණික සමාගමකි. බුද්ධි අංශ චෝදනා නඟා තිබුණේ චීනය එම ඔත්තුකාරිය ලවා එන්විඩියා සමාගමේ රහස් ලබා ගත් බවටය.
හුවාන්ග් යළි කැඳවා ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසු ඔහුගේ විවෘතභාවය සහ සමාගම මෙහෙයවීමේ හැකියාව පිළිබඳ තමන් සෑහීමකට පත් වුණු බව එන්විඩියා අධ්යක්ෂ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd