කොකේන් ටොන් දෙකකට අධික ප්‍රමාණයක් මෙක්සිකෝවට ප්‍රවාහනය කරමින් තිබූ සබ්මැරීනයක් පේරු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
පේරු රාජ්‍යයේ තලාරේ නගරයේ සිට සැතපුම් 200ක් ඈතින් ගමන් කරමින් තිබූ මෙම සබ්මැරීනය නාවුක හමුදා මුර සංචාර ඒකකය නවතා ඇත.
අත්අඩංගුවට ගත් කෙකේන් ප්‍රමාණය ඩොලර් මිලියන 60ක පමණ වටිනාකමකින් යුක්ත බව සඳහන් වේ.
සබ්මැරීනයේ සිටි පුද්ගයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කොළොම්බියානු ජාතිකයින් දෙදෙනකු මෙක්සිකෝ ජාතිකයෙකු හා ඉක්වදෝර ජාතිකයෙකු ලෙස හඳුනාගෙන ඇත.
පේරු මුහුදේදී මත්ද්‍රව්‍ය සහිත සබ්මැරීනයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බව නාවුක හමුදාව පවසයි.
මීට සති දෙකකට පමණ පෙර කොකේන් ටොන් තුනක් සහිත සබ්මැරීනයක් ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට ගනු ලැබිණ.
(ඩේලි මේල් ඇසුරිනි - 085)


2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සබ්මැරීනයකින් කොකේන් ප්‍රවාහනය කළ 4ක් පේරු රාජ්‍යයේදී අත්අඩංගුවට
suren - negombo Saturday, 14 December 2019 12:45 PM
අපේ ලන්සා මහත්තයාට මේකක් ලැබුණා නම් ...ආසියාවටම ප්‍රතිඅපනයනය කරලා රට ගොඩ ගන්න තිබුණා.