කොකේන් ටොන් දෙකකට අධික ප්‍රමාණයක් මෙක්සිකෝවට ප්‍රවාහනය කරමින් තිබූ සබ්මැරීනයක් පේරු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
පේරු රාජ්‍යයේ තලාරේ නගරයේ සිට සැතපුම් 200ක් ඈතින් ගමන් කරමින් තිබූ මෙම සබ්මැරීනය නාවුක හමුදා මුර සංචාර ඒකකය නවතා ඇත.
අත්අඩංගුවට ගත් කෙකේන් ප්‍රමාණය ඩොලර් මිලියන 60ක පමණ වටිනාකමකින් යුක්ත බව සඳහන් වේ.
සබ්මැරීනයේ සිටි පුද්ගයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කොළොම්බියානු ජාතිකයින් දෙදෙනකු මෙක්සිකෝ ජාතිකයෙකු හා ඉක්වදෝර ජාතිකයෙකු ලෙස හඳුනාගෙන ඇත.
පේරු මුහුදේදී මත්ද්‍රව්‍ය සහිත සබ්මැරීනයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බව නාවුක හමුදාව පවසයි.
මීට සති දෙකකට පමණ පෙර කොකේන් ටොන් තුනක් සහිත සබ්මැරීනයක් ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට ගනු ලැබිණ.
(ඩේලි මේල් ඇසුරිනි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලන්සා මහත්තයාට මේකක් ලැබුණා නම් ...ආසියාවටම ප්‍රතිඅපනයනය කරලා රට ගොඩ ගන්න තිබුණා.