අල්ලස්, දූෂණ සහ විදේශ මුදල් නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීමේ චෝදනා වලට වරදකරු වූ සුඩානයේ හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇත.
75හැවිරිදි බෂීර්ගේ වයස හේතුවෙන් ඔහු බන්ධනාගාරයකට නොයවා ප්‍රතිසංසකරණ මධ්‍යස්ථානයකට යවන බව විනිසුරුවරයා පැවසීය.
බෂීර්ගේ නිවසේ තිබී සොයාගත් යූරෝ මිලියන ගණනක් සහ සුඩාන පවුම් රාජසන්තක කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
සුඩානයේ ඩාර්ෆූර් කලාපයේ යුද අපරාධ සහ ජන සංහාර යන චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ද බෂීර්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබේ.
සාම්ප්‍රදායික සුදු වස්ත්‍ර හා හිස් වැස්මක් පැළඳ සිටි බෂීර්, විනිසුරුවරයා තීන්දුව කියවන විට විත්ති කූඩුවේ සිට නිහඬව බලා සිටියේය.
හිටපු ජනපති බෂීර්ට එරෙහිව සුඩාන අධිකරණයේ තවත් නඩු කිහිපයක් ආරම්භ කර තිබේ.
ඔමාර් බෂීර්ගේ දශක තුනක පාලනයට එරෙහිව මාස ගනනාවක් තිස්සේ පැවති වීථි විරෝධතා වලින් පසුව පසුගිය අප්‍රේල් මාසයේදි ඔහුව නෙරපා හරින ලදී.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුඩානයේ හිටපු ජනාධිපතිට වසර 2ක සිර දඬුවමක්
isurandi Sunday, 15 December 2019 04:56 AM
ඕවා කාට කාටත් හොද පාඩම්. විශේෂයෙන් අපේ රටේ උදවියටත් ..