ලෙබනනයේ අගනුවර බේරූට්හි විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
උද්ඝෝෂකයින් පාර්ලිමේන්තුව අසල චතුරස්‍රයකට යාමට උත්සාහ කිරීමත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ විය.
පොලිසිය රබර් උණ්ඩ හා කඳුළු ගෑස් යොදා ගනිමින් විරෝධතාකරුවන් මර්ධනය කිරීමට උත්සාහ ගත් අතර එහිදී විරෝධතාකරුවෝ පොලිසියට ගල් වීසි කළහ.
ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 20 දෙනකු පමණ තුවාල ලබා තිබේ.
පාලක පක්ෂයේ වැරදි ආර්ථික කළමනාකරණයන් සම්බන්ධව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ලෙබනන් වැසියෝ විරෝධතා වල නිරත වූහ.
බොහෝදුරට සාමකාමීව විරෝධතා පැවැත්වූ නමුත් අද (15) සිදුවීම දරුණුම ප්‍රචණ්ඩත්වයක් බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවතත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෙබනනයේ විරෝධතා අතරතුර විශාල පිරිසකට තුවාල