ලෙබනනයේ අගනුවර බේරූට්හි විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

උද්ඝෝෂකයින් පාර්ලිමේන්තුව අසල චතුරස්‍රයකට යාමට උත්සාහ කිරීමත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ විය.

පොලිසිය රබර් උණ්ඩ හා කඳුළු ගෑස් යොදා ගනිමින් විරෝධතාකරුවන් මර්ධනය කිරීමට උත්සාහ ගත් අතර එහිදී විරෝධතාකරුවෝ පොලිසියට ගල් වීසි කළහ.

ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 20 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

පාලක පක්ෂයේ වැරදි ආර්ථික කළමනාකරණයන් සම්බන්ධව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ලෙබනන් වැසියෝ විරෝධතා වල නිරත වූහ.

බොහෝදුරට සාමකාමීව විරෝධතා පැවැත්වූ නමුත් අද (15) සිදුවීම දරුණුම ප්‍රචණ්ඩත්වයක් බව මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් පුවතත් ඇසුරිණි - 085)