චන්ද්‍රිකා තිස්දහසකින් පෘථිවියටම අන්තර්ජාල සම්බන්ධතා චන්ද්‍රිකා තිස්දහසකින් සමස්ත පෘථිවියම ආවරණය වන පරිදි අධීවේගී අන්තර්ජාල සම්බන්ධතා ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 24 October 2019
ලොරි රථයේ තිබී හමුවූ සිරුරු 39 චීන ජාතිකයින්ගේ බව හෙළිවේ බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර වෙත ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී හමුවූ සිරුරු 39 චීන ජාතිකයින්ගේ බව හෙළිවී ඇතැයි වාර්තා වේ. 24 October 2019
බුරුන්ඩි දේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි 14 ක් මරාදමයි බුරුන්ඩි දේශයේ වයඹදිග බුබන්සා පළාතේදී ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවිගත් කණ්ඩායමක 14 දෙනකු ආරක්ෂක හමුදාව මරාදමා ඇතැයි වාර්තා වේ. 24 October 2019
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉරාකයට එයි ඇමරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා අද(23) ඉරාකයේ බැග්බෑඩ් නුවරට පැමිණ ඇත. 23 October 2019
අයිඑස් ප්‍රහාරයකින් ඉරාක පොලිස් නිලධාරීන් 6 ක් මරුට ඉරාකයේ උතුරුදිග සලාහුදීන්හි පිරික්සුම් මෙහෙයුමක යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වෙත අයිඑස් ත්රස්තයන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් උසස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 22 October 2019
කැනඩාවේ මැතිවරණයෙන් අගමැති ටෲඩෝට ජය කැනඩාවේ පැවැත්වුණු මැතිවරණයෙන් අගමැති ජස්ටින් ටෲඩෝ මහතා නයකත්වය දරන ලිබරල් පක්ෂය ජයග්‍රහණය කර ඇත. 22 October 2019
සිම්බාබ්වේ නියඟයෙන් අලි 55ක් මියයති සිම්බාබ්වේ හවන්ගේ ජාතික උද්‍යානයේ අලි 55 දෙනෙකු පමණ පසුගිය මාස දෙක ඇතුළත සාගින්නෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. 22 October 2019
බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට බ්‍රසීලයේ මිනාස් ජෙරයිස් පළාතේ දී කුඩා ගුවන් යානයක් කඩාවැටීම හේතුවෙන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 21 October 2019
රොහින්ග්‍යා සරණාගතයින් දූපතක පදිංචි කිරීමට බලධාරීහු සැරසෙති බංගලාදේශ වෙරළට එපිටින් පිහිටි දූපතකට සංක්‍රමණය වීමට රොහින්ග්‍යා සරණාගතයින් කැමැත්ත පළකර ඇති බව එරට බලධාරීහු පවසති. 21 October 2019
මුහුණු පොතේ පුවතක් සම්බන්ධ ගැටුමකින් 4 ක් මරුට බංගලාදේශයේ දකුණු දිග බෝලා දිස්ත්‍රික්කයේ පිරිසක් සහ පොලිසිය අතර මුහුණු පොතේ පළ කරන ලද පුවතක් සම්බන්ධව ඇතිවූ ගැටුමක් හේතුවෙන් හතරදෙනකු මියගොස් 50 ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 20 October 2019
ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් සමාගම දිගම ගුවන් ගමන සම්පූර්ණ කරයි ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් ගුවන් සමාගම නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා නොනවත්වා පැය 19 ක පරීක්ෂණ ගුවන් ගමනක යෙදී ඇත. 20 October 2019
ඊජිප්තුවෙන් මමි 30ක් හමුවෙයි ඊජිප්තුවේ ලුක්සෝ නගරයෙන් දැවමය පෙට්ටිවල දැමූ මමී 30ක් හමුවී ඇති අතර එය වසර 100ක පමණ කාලයකදී සොයාගත් විශාලම තොගය බව පුරාවිද්‍යා බලධාරීහු පවසති. 20 October 2019
විභාග වංචා වළක්වන්න ඉන්දියාවේ සිසුන්ගේ හිසට පෙට්ටි දමති විභාග වංචා වැළැක්වීම සඳහා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හවේරිහි භගට් පූර්ව විශ්වවිද්‍යාල ආයතනයේ පැවති රසායන විද්‍යා විභාගයකට සහභාගී වූ සිසුන්ගේ හිසට කාඩ්බෝඩ් පෙට්ටි පළඳවා ඇතැයි වාර්තා වේ. 20 October 2019
චිලී රාජ්‍යයේ විරෝධතා: තිදෙනෙක් මරුට චිලී රාජ්‍යයේ සන්තියාගෝහි දෙවන දිනටත් පැවති විරෝධතා අතරතුර ඇතිවූ කලහකාරී ක්‍රියා හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ සුපිරි වෙළඳසැලක ඇතිවූ ගින්නකින් මොවුන් මියගොස් ඇති බවයි. 20 October 2019
සුළි කුණාටුවෙන් ජපානයට ඩොලර් මිලියන 500ක හානියක් හගිබිස් සුළි කුණාටුවෙන් ජපානයේ කෘෂිකර්මාන්තයට යෙන් බිලියන 57 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 527 කට අධික හානියක් සිදුවී ඇත. 20 October 2019
සයිබීරියාවේ රන් පතලක් කඩා වැටී 15 ක් මරුට:13ක් අතුරුදන් සයිබීරියාවේ රන් පතලක වේල්ලක් බිඳීයාමෙන් පතල් කම්කරුවන් 15දෙනකු මියගොස් 13දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 20 October 2019
කුර්දි ජාතිකයන්ට එරෙහිව තහනම් අවි කුර්දි ජාතිකයින්ට එරෙහිව තහනම් රසායනික අවි භාවිතා කිරීම හේතුවෙන් සිරියාවේ වෙසෙන කුර්දි ජාතික කුඩා ළමුන් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. රාස් අල්-අයින් නගරයේ සිදුවූ මෙම ප්‍රහාරවලින් පිළිස්සුම් තුවාල ලැබූ කුඩා දරුවන් කිහිප දෙනෙකු ඊට ආසන්නයේ පිහිටි රෝහලට ඇතුළත් කරන ලදී. 19 October 2019
පියා ඝාතනය වූයේ සාවද්‍ය තොරතුරු ප්රචාරක ව්‍යාපාර නිසයි තම පියාගේ ඝාතනයට හේතුවූයේ සාවද්‍ය තොරතුරු ප්රචාරක ව්‍යාපාරයන් බවත්, ෆේස්බුක් වැනි ආයතන මෙවැනි ප්‍රචාරනයන්ට ඉඩ ලබානොදිය යුතු බවත් ඇමරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ මාර්ටින් ලූතර් කිංගේ දියණිය වන බර්නිස් කිං පවසයි. 19 October 2019
ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 29 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර නන්ගහාර් පළාතේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීකින් 29 දෙනකු මියගොස් 100කට වැඩිපිරිසක් තුවාල ලබා ඇත. 18 October 2019
කාශ්මීරයේ ප්රචණ්ඩ ක්‍රියාවලින් 5 ක් මරුට කාශ්මීරයේ ප්රචණ්ඩත්වය ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් අද (16) සිදු වූ ප්රචණ්ඩ ක්‍රියාවලින් පස්දෙනකු මියගොස් ඇති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 16 October 2019
ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක තුර්කියට යයි උතුරු දිග සිරියාවට ප්‍රහාර එල්ල නොකරන්නැයි තුර්කියට ඒත්තු ගැන්වීමේ අරමුණින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මහතා අද (16) තුර්කිය බලා පිටත් විය. 16 October 2019
මැලේසියාවේ නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට පිටවීමට පොදු සමා කාලයක් මැලේසියාවේ රැකියා සඳහා ගොස් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුලු විදෙස් ශ්‍රමිකයන්ට දඩුවමකින් තොරව යළි සිය රටට යෑමට මාස හතරක පොදු සමා කාලයක් එරට රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි. 16 October 2019
තායිලන්තයෙන් මීටර් 4 ක් දිග දැවැන්ත රාජ නාගයෙක් හමුවේ අඩි 13 ක් හෙවත් මීටර් 4 ක දිගකින් යුතු දැවැන්ත රාජ නාගයෙක් දකුණු තායිලන්තයේ ග්‍රාමීය නිවාස පිහිටි ප්‍රදේශයකින් සොයාගෙන තිබේ. 16 October 2019
පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් පිලිපීනයේ දෙවන විශාලතම දිවයින වන මින්දනාඕ දිවයිනට රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් බලපා ඇතැයි වාර්තා වේ. 16 October 2019
සිරියානු රජයේ හමුදා උතුරු දිග සිරියාවට ඇතුළු වෙයි උතුරු දිග සිරියාවේ මන්බිජ් නගරයට ඇතුළු වූයේ සිරියානු රජයේ හමුදා යැයි ඔවුන්ගෙන් වැඩිදෙනා කුර්දි සටන්කාමීන් යැයි තුර්කියේ සහාය ලබන සිරියානු සටන්කාමීහු පවසති. 15 October 2019
වායු දූෂණය හේතුවෙන් ඉන්දුනීසියාවේ පාසැල් කිහිපයක් වසාදැමේ ඉන්දුනීසියාවේ ලැව්ගිනිවලින් හටගත් දුම වායුගෝලය පුරා පැතිරීම හේතුවෙන් පළාත් කිහිපයක පාසැල් වසා දැමීමට සිදුවූ බව බලධාරීහු පවසති. 15 October 2019
නයිජීරියාවේ පාසලක යදම්වලින් බැඳ සිටි තරුණයින් 67ක් බේරාගැනේ නයිජීරියාවේ උතුරුදිග කස්ටිනාහි ඉස්ලාම් අධ්‍යාපන ආයතනයක දම්වැල් වලින් බැඳ දමා සිටි තරුණයින් 67දෙනකු බේරාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. 15 October 2019
මෙක්සිකොවේ පොලිස් නිලධාරීන් 14 ක් ඝාතනය කෙරේ මෙක්සිකෝවේ බටහිර මිචෝකන් ප්‍රාන්තයේ දී පොලිස් නිලධාරීන් (14) දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 14 October 2019
ගෑස් සිලින්ඩරයක් පිපිරී ඉන්දියාවේ 10ක් මරුට ඉන්දියාවේ උතුරුදිග මාවු දිස්ත්‍රික්කයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී යෑමෙන් 10දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 14 October 2019
සිංගප්පූරුව සීනි අධික සිසිල් බීමවර්ගවල දැන්වීම් තහනම් කරයි සෞඛ්‍යයට දැඩි ලෙස හානිකරන, සීනි මිශ්‍ර සිසිල් බීම වර්ගවල දැන්වීම් සියලු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් කිරීමට සිංගප්පූරු රජය තීරණය කර ඇත. 14 October 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026