IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම 7 ගුණයකින් වේගවත් වෙයි

දේශගුණ වෙනස්වීම් හේතුවෙන් ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම 1990 දශකයේ පැවති තත්ත්වයට වඩා හත් ගුණයකින් වේගවත් වී තිබේ.


ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් මේ බව සනාථ වී ඇත. වසර 26 ක කාලයක් පුරා ඔවුන් විසින් චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කර ලබාගත් ප්‍රතිඵල අනුව මෙම නිගමනයට එළඹී තිබේ.

ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම ආකාර දෙකකට සිදුවේ. මතුපිට පෘෂ්ඨය දියවී ජලය ලෙස සාගරයට එක්වීම එක් ක්‍රමයකි. ඊට අමතරව අයිස් කුට්ටි කුඩා කොටස්වලට කැඩී ගොස් දියවීම ද සිදුවේ.

මෙම සියවස අවසාන වන විට මුහුදු මට්ටම ඉහළ නැගීම කෙරෙහි ග්‍රීන්ලන්තයෙන් පමණක් සෙන්ටිමීටර් 7 ක දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන මිලියන ගණනකගේ ජීවිත මෙහිදී අනතුරුදායක තත්ත්වයට පත්වේ.

මෙය පසුගිය දශකයේදී පමණක් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දශම හතයි පහකින් ඉහළ යෑම එක් ප්‍රතිඵලයකි. 

 

-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම 7 ගුණයකින් වේගවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site