කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යන සිදුවීම්වලදී මානව හිමිකම් ආරක්ෂා කිරීමට අසමත් වීම මූලික යුතුකම් හා වගකීම් ඉටු කිරීමට අසමත් වීමක් යැයි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් අද (10) පැවැසීය.

අදට (10) යෙදී තිබෙන ‘මානව හිමිකම් දිනය’ සැමැරීම වෙනුවෙන් නවදිල්ලි නුවර ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති උත්සවයක් අමතමින් ඉන්දීය ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.  

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මෙසේ ද කීය.

“ආත්ම පරීක්ෂාව අත්‍යවශ්‍ය දෙයක්. පුද්ගලයකුගේ මානසික තත්ත්වය ඔවුන්ගේ හැඟීම් පිළිබඳ තම තමන්ම පරීක්ෂාවක් කිරීමත් සැබැවින්ම කළ යුත්තක්. අනෙක් පාර්ශවය හෝ ප්‍රශ්නයක අනෙක් පැත්ත මඟ හැරියොත් එහෙම නැතිනම් නොසලකා හැරියොත් අපේ තේරුම්ගැනීම සම්පූර්ණ වෙන්නේ නැහැ. දෙයක් සම්පූර්ණයෙන් තේරුම් ගැනීම අපේ යුතුකමක්.

අයිතිවාසිකම් සහ යුතුකම් එකම කාසියේ දෙපැත්ත යැයි ගාන්ධිතුමන් වරෙක කීවා. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී අපේ අසමත්කම විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේදී අපි අනෙකා අසමත් කිරීමක්. අපේ මූලික යුතුකම් ඉටු කිරීමට නොහැකි වීමක්.

අපේ ජාතික කතිකාව දැන් නිවැරැදි මාවතට එළැඹ තිබෙනවා. එහි සියලු අවධානය ඉතාම වැදගත් ප්‍රශ්නය වන මානව හිමිකම් වෙත යොමු වී තිබෙනවා. එහිදි මූලික යුතුකම් ගැන අවධානය යොමු කිරීමට ඉඩක් වෙන් කරන්න පුළුවන්. මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී සහ මානව හිමිකම් ශක්තිමත් කිරීමේදී සමාජයේ සියලු දෙනාටම වගකීමක් තිබෙනවා”.

මානව හිමිකම් කොමිසම මිනිස්සුන්ට ළඟා විය හැකි, ජනතාවට ප්‍රවේශ විය හැකි තැනක් විය යුතු යැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු එච්.එල්. දත්තු මීට පෙර අවස්ථාවක දී පැවැසීය.

ද හින්දු’ 

055