චෙක් රාජ්‍යයේ ඔස්ට්‍රාවා නගරයේ රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
රෝහලේ සායන කාමරයක වෛද්‍යවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිසකට වෙඩි තැබූ තුවක්කුකරු පසුව ඔහුගේ හිසට ද වෙඩි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
තුවක්කුකරුගේ සිරුර රෝහල ආසන්නයේ නවතා තිබූ රථයක තිබී පොලිසිය විසින් පසුව සොයාගෙන තිබේ.
වෙඩිතැබීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැතැයි ද පොලිසිය පවසයි.
සතුන් දඩයම් කිරීම චෙක් රාජ්‍යයේ ජනප්‍රියව පැවතියද වෙඩිතැබීමෙන් සිදුකරන මනුෂ්‍ය ඝාතන ඉතා විරල බව මාධ්‍ය පෙන්වා දෙයි.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd