චෙක් රාජ්‍යයේ ඔස්ට්‍රාවා නගරයේ රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
රෝහලේ සායන කාමරයක වෛද්‍යවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිසකට වෙඩි තැබූ තුවක්කුකරු පසුව ඔහුගේ හිසට ද වෙඩි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
තුවක්කුකරුගේ සිරුර රෝහල ආසන්නයේ නවතා තිබූ රථයක තිබී පොලිසිය විසින් පසුව සොයාගෙන තිබේ.
වෙඩිතැබීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැතැයි ද පොලිසිය පවසයි.
සතුන් දඩයම් කිරීම චෙක් රාජ්‍යයේ ජනප්‍රියව පැවතියද වෙඩිතැබීමෙන් සිදුකරන මනුෂ්‍ය ඝාතන ඉතා විරල බව මාධ්‍ය පෙන්වා දෙයි.
(බීබිසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චෙක් රාජ්‍යයේ රෝහලක වෙඩිතැබීමකින් 6ක් මරුට