තල්මසුන් දඩයම ආශ්‍රිත කර්මාන්තයේ ස්ථාවර පැවැත්ම වෙනුවෙන් සංශෝධිත නීතියක් ජපානයේදී සම්මත වී තිබේ.
ඒ අනුව ජපාන රජය තල්මසුන් ආශ්‍රිත කර්මාන්තයට සහාය දැක්වීම සඳහා නෞකා සහ ඒවායේ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා උපකාර සපයයි.
තල්මසුන් දඩයම පිළිබඳ ජාත්‍යන්තර කොමිසමෙන් ජපානය ඉවත් වී වසර 31 කට පසුව පසුගිය ජූලි මාසයේ සිට ජපානයේ තල්මසුන් දඩයම් කිරීම නැවත ඇරඹුණි.
නීතිය අනුව විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව සකස් කරන ලද ප්‍රමාණ අනුව ජපානය තල්මසුන් දඩයමේ නිරත විය යුතුයි.
නීති විරෝධීව දඩයම් කරන ලද තල්මසුන් වාණිජ මට්ටමින් අලෙවි කිරීම වැළැක්වීමටද එමඟින් පොළඹවනු ලැබේ.
ජපාන පාසල්වල ප්‍රමුඛ දිවා ආහාරයක් ලෙස තල්මස් මාංශ භාවිත කෙරේ.
-226-
(එන්.එච්.කේ ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයම එකතු වී දඩයම් කාලයට ජපාන නිෂ්පාදන වර්ජනය කරමු...
ලෝකයට සාමය හා පරිසර රැක ගැනීම ගැන දේශනා කරන ජපානය මෙවැනි ම්ලේඡ්ච ක්‍රියාවක නියැලීම ඉතාම කණගාටුවට කාරණයක්. සමහර රටවල් කවුරු මොනවා කීවත් අතීතයේ සිට කරගෙන ආ වැරදි ක්‍රියාවන් වෙනස් කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ අහිංසක පාසැල් සිසුන් හා ගුරුවරුන් තුවක්කුකරුවන්ගේ ප්‍රහාර වලට ලක්ව ඝාතනය වන අවස්ථා බහුලව තිබුනත් ඔව්න්ගේ උජාරු තුවක්කු සංස්කෘතිය වෙනස් කිරීමට බලධාරීන් අකැමැතියි.