තල්මසුන් දඩයම ආශ්‍රිත කර්මාන්තයේ ස්ථාවර පැවැත්ම වෙනුවෙන් සංශෝධිත නීතියක් ජපානයේදී සම්මත වී තිබේ.
ඒ අනුව ජපාන රජය තල්මසුන් ආශ්‍රිත කර්මාන්තයට සහාය දැක්වීම සඳහා නෞකා සහ ඒවායේ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා උපකාර සපයයි.
තල්මසුන් දඩයම පිළිබඳ ජාත්‍යන්තර කොමිසමෙන් ජපානය ඉවත් වී වසර 31 කට පසුව පසුගිය ජූලි මාසයේ සිට ජපානයේ තල්මසුන් දඩයම් කිරීම නැවත ඇරඹුණි.
නීතිය අනුව විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව සකස් කරන ලද ප්‍රමාණ අනුව ජපානය තල්මසුන් දඩයමේ නිරත විය යුතුයි.
නීති විරෝධීව දඩයම් කරන ලද තල්මසුන් වාණිජ මට්ටමින් අලෙවි කිරීම වැළැක්වීමටද එමඟින් පොළඹවනු ලැබේ.
ජපාන පාසල්වල ප්‍රමුඛ දිවා ආහාරයක් ලෙස තල්මස් මාංශ භාවිත කෙරේ.
-226-
(එන්.එච්.කේ ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තල්මසුන් දඩයම වෙනුවෙන් නව නීතියක් ජපානයේදී සම්මත වෙයි
අනාතනොවූ අනාතයා Friday, 06 December 2019 03:20 PM
ලෝකයම එකතු වී දඩයම් කාලයට ජපාන නිෂ්පාදන වර්ජනය කරමු...
naathaFriday, 06 December 2019 03:38 PM
ඔයත් අනාථවෙලා ඉද්දී කොහොමද ලෝකයක් එකතු කරගෙන නිෂ්පාදන වර්ජනය කරන්නේ.. අනාථයන් කරන්නේ දෙන දෙයක් කාලා ඉන්න එකනේ..
anura Friday, 06 December 2019 04:32 PM
ලෝකයට සාමය හා පරිසර රැක ගැනීම ගැන දේශනා කරන ජපානය මෙවැනි ම්ලේඡ්ච ක්‍රියාවක නියැලීම ඉතාම කණගාටුවට කාරණයක්. සමහර රටවල් කවුරු මොනවා කීවත් අතීතයේ සිට කරගෙන ආ වැරදි ක්‍රියාවන් වෙනස් කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ අහිංසක පාසැල් සිසුන් හා ගුරුවරුන් තුවක්කුකරුවන්ගේ ප්‍රහාර වලට ලක්ව ඝාතනය වන අවස්ථා බහුලව තිබුනත් ඔව්න්ගේ උජාරු තුවක්කු සංස්කෘතිය වෙනස් කිරීමට බලධාරීන් අකැමැතියි.