ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ජලලබාද්හිදී තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තැබීමෙන් ජපාන ආධාර ඒජන්සියක ප්‍රධානියා ඇතුළු පුද්ගයන් හයදෙනකු මරණයට පත්වී ඇතැයි වාර්තා වේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ ජපාන සාම වෛද්‍ය සේවයේ ප්‍රධානී ටෙට්සු නකමුරා ඇතුළු පිරිසකි.
ඔවුන් ගමන්ගත් වාහනයට වෙඩිතබා ඇතැයි පොලිසිය පවසයි.
ටෙට්සු මහතා ඇෆ්ගනිස්ථානයේ වාරිමාර්ග සහ කෘෂිකර්මාන්තය නැවත ගොඩනැගීමේ කටයුතු වල නිරතව සිටි අතර ඔහු සිදුකළ මානුෂීය මෙහෙයුම් වලට උපහාරයක් ලෙස ගෞරවනීය ඇෆ්ගනිස්ථාන පුරවැසිභාවය ලබාදී තිබිණි.
ටෙට්සු මහතාගේ මරණය සම්බන්ධයෙන් ජපාන අගමැති ෂින්සෝ අබේ සිය කණගාටුව පලකර තිබේ.
තුවක්කුකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර ඇතැයි පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd