නැගෙනහිර යුක්රේනයේ ඉතිරිව සිටින සියලුම සිරකරුවන් හුවමාරු කර ගැනීමට රුසියාවේ සහ යුක්රේනයේ නායකයන් අද (10) පැවති සාකච්ඡාවේදී එකඟවී තිබේ.
රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්ස්කි අතර ප්‍රථම මුහුණට මුහුණ හමුව පැරිසියේදී පැවැත්වුණ අවස්ථාවේ මෙම තීරණයට එළඹ ඇත.
දෙරටේ නායකයෝ පැය නවයක කාලයක් සාකච්ඡා සඳහා ගතකළහ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් විසින් සාකච්ඡා සම්බන්ධීකරණය සිදුකරන ලදී.
නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් කළාපයේ සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට ද ඉදිරි මාස හතර තුළදී එහි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ද දෙරටේ නායකයෝ එකඟවූහ.
වර්ෂ 2014 දී ආරම්භ වූ නැගෙනහිර යුක්රේනයේ ගැටුමෙන් මේ වනවිට 13000 කට අධික පිරිසක් මියගොස් තිබේ.
කෙසේ වුවද සාකච්ඡා අතරතුර දෙරටේ නායකයන් අතර සුහදත්වයක් පෙනෙන්නට නොතිබූ බව මාධ්‍ය සඳහන් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරකරුවන් හුවමාරු කරගැනීමට රුසියානු - යුක්රේන නයකයෝ එකඟ වෙති