ඉරානයේ බටහිර කුර්දිස්ථාන් පළාතේ ගෑස් ටැංකියක සිදුවූ පිපිරීමකින් 11දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මංගල උත්සවයක් පැවැත්වෙන ශාලාවක මෙම පිපිරීම සිදුව ඇත.
මියගිය අය අතර ළමුන් පස්දෙනකු ද සිටින බව පොලිසිය පවසයි. මුදවාගැනීමේ කණ්ඩායම් හා ගිලන් රථ කඩිනමින් එම ස්ථානයට යැවූ බවත් තුවාලකරුවන් රෝහල් ගතකළ බවත් බලධාරීහු පවසති.
පිපිරීම සම්බන්ධව මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd