ඇල්ජීරියාවේ හිටපු අගමැතිවරුන් දෙදෙනකුට දූෂණ චෝදනා සම්බන්දව එරට අධිකරණය විසින් සිරදඬුවම් නියම කර ඇත.
මෙම දඬුවම් නියම කර ඇත්තේ ඇල්ජීරියාවේ ජනාධිපතිවරණයට දින දෙකක් තිබියදී ය.
සිව් වතාවක් එරට අගමැති වූ අහමඩ් ඔයාහියාට වසර 10ක සිරදඬුවමක් ද දෙවරක් අගමැති ලෙස කටයුතු කළ අබ්දෙල්මාලෙක් සෙලාල්ට වසර 12ක සිරදඬුවමක් ද නියම විය.
මහජන මුදල් සහ බලය අයතා ලෙස පරිහරණය කිරීම සහ අනවශ්‍ය වරප්‍රසාද ලබා ගැනීම ඔවුන්ට විරුද්ධව නගා තිබූ චෝදනා විය.
හිටපු අගමැතිවරුන් දෙදෙනාම මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. දැනට විදේශගතව සිටින හිටපු කර්මාන්ත අමාත්‍ය අබ්දෙස්ලාම් බුචුවාරෙබ්ට ද අධිකරණය විසින් වසර 20ක සිරදඬුවමක් නියම කර ඇත.
එසේම ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ද නිකුත් කර තිබේ. බ්‍රහස්පතින්දා පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා ඇල්ජීරියානු ජනතාව වීදී බැස විරෝධතාවයේ යෙදෙන නමුත් හමුදාව පවසා ඇත්තේ අර්බුදයෙන් මිදීමට ඇති එකම මාර්ගය ජනාධිපතිවරණය බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd